Eric Illayapparachchi
-

Eric Illayapparachchi is a Sinhala poet, short story writer, novelist, literary critic and commentator on modern art and cinema. He was the lyricist for Premasiri Khemadasa's opera 'Agni' and the cinematic adapter and co-writer for Frances Kafka's short story 'Metamorphosis' for Dharmasena Pathiraja's 'Swarupa'. Eric Illayapparachchi won the Swarna Pusthakaya Award for his novel Petha and won State Cultural Literary awards several occasions.

එරික් ඉලයප්ආරච්චි
-

එරික් ඉලයප්ආරච්චි කවියෙකි. කෙටිකථාකරුවෙකි. නවකථාකරුවෙකි. සාහිත්‍ය විචාරකයෙකි. නූතන චිත්‍ර කලාව හා සිනමාව පිළිබද විවරණයෙහි නියුක්ත වූවෙකි. ප්‍රේමසිරි කේමදාසගේ 'අග්නි’ ඔපෙරාවේ පෙළ රචක ද, ධර්මසේන පතිරාජගේ 'ස්වරූප’ චිත්‍රපටය වෙනුවෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ 'මෙටමොෆෝසිස්’ කෙටිකථාවේ සිනමාත්මක අනුවර්තක හා සම-තිරචක ද විය. ​​එරික් ඉලයප්ආරච්චිගේ පේත නවකතාව වෙනුවෙන් ස්වර්ණ පුස්තකය සම්මානය හිමි විය. ඔහු අවස්ථා කිහිපයකදීම රාජ්‍ය සංස්කෘතික සාහිත්‍ය සම්මාන දිනා ගෙන ඇත.

ලිපි පෙළගැස්ම

2024 මාර්තු 6

කෙටිකතාව නමින් මුළුමහත් ලෝකය පුරා ප්‍රචලිත වී තිබෙන සාහිත්‍ය නවප්‍රබන්ධ අනුප්‍රභේදයෙහි සිංහල නියෝජනයේ කීර්තිමත් සම්භවය ලෙස මාර්ටින් වික්‍රමසිංහ ‘ගැහැනියක් සහ තවත් කෙටිකතා’ නමින් 1924 දී ප්‍රථම සිංහල කෙටිකතා සංග්‍රහය පළ කළ කිරීම නවීන සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ තවත් ‘ශානරයක’ හෙවත් නව අනුප්‍රභේදයක බිහිවීමක් පමණක් නොව කල් පවත්නා සාහිත්‍යමය සමාජ සංස්ථාවක බිහි වීමක් ද විය.

සිංහල කෙටිකතාව සිංහල ප්‍රබන්ධ කලාවේ හා විචාර කලාවේ මතු නොව පුවත්පත්...

2024 ජනවාරි 8

‘බව තරණය’ පළ වූ යුගයේ දී එහි වෙතැයි කියූ බෞද්ධ දර්ශනයට නොගැලපෙන හා බුදු සිරිතෙන් නොකියවෙන කාරණා පෙරදැරි කර ගනිමින් සිදු වුණු විවේචනයද, එය දාර්ශනික නවකථාවකි යන අදහස ද මුල් තැනට පත් විය. එය සාහිත්‍ය විචාරයක් නොවන දෘෂ්ටිවාදී විචාරයක් වූ අතර දණ්ඩනීය නොවූ ධර්මාධිකරණ හැඩයක් ලබා ගති.

2023 සැප්තැම්බර් 2

කැලණිය සරසවියේ පැවැත්වීමට නියමිතව තිබුණු ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවයකට සහභාගි වන ලෙස ලැබුණු ආරාධනයට අතිරේකව, එදින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණු ‘සෝං ඔෆ් සිලෝන්’ (Song of Ceylon)චිත්‍රපටිය පිළිබඳ හැඳින්වීමක් කිරීමට ද ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ආරාධිත තරුණ කතිකාචාර්යවරයාට මා කියා සිටියේ ඒ කටයුත්තට මා සුදුසුකම් සපුරා නැති අතර, සිනමාවට සම්බන්ධ කෙනෙකු එය පැවැත්විය යුතු බව ය. එහෙයින් මාගේ මේ ලිපිය හුදෙක් නිෂේධනාත්මක අපෝහකයක (negative dialectics) ප්‍රතිඵලයකි.

2023 ජුනි 1

බෙංගාලි කවීන්ද්‍ර, සංගීතඥ, නාට්‍යවේදී, චිත්‍ර ශිල්පි හා කලා අධ්‍යාපනඥ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නානාවිධ කලා පෞරුෂය‘මහා පුනරුද’ මනුෂ්‍යයකුගේ( RenaissanceMan) නොවේ නම් ශොන් පෝල් සාත්‍ර චින්තකයා විසින් චේ ගොවේරා වෙනුවෙන් භාවිතා කරන ලද ‘සම්පූර්ණ මිනිසා’ හෙවත් ‘ටෝටල් මෑන්’ (Total Man)වැනි විශේෂනාමයක් ඉල්ලා සිටිනු ලබන්නකි. ඉංග්‍රීසි චින්තක හා ගණිතඥ බර්ට්‍රන්‍ඩ් රසල් රුසියානු විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ සංචාරය කළ අතර ‍රංග ශාලාවක දී ලියොන් ට්‍රොට්ස්කි ...

2022 දෙසැම්බර් 14

මූර්තිකරුවකු සැකිලි ලෙස අඳින දළ රූප හෙවත් කුරුටු සිතුවම් ඔහුගේ මූර්තිය දෙවෙනි කොට ‘ජීඩීඒ’ කලාගාරයේ සිතුවම් දැක්මක සාරය කර ගනිමින් ප්‍රදර්ශනය කිරීම කලිසමට උඩින් යට ඇඳුම ඇඳීම වැනි විවාදාත්මක දෘශ්‍ය කලා අභ්‍යාසයකි. මූර්ති නරඹන්නට පැමිණෙන බලාපොරොත්තු සහගත නරඹන්නා දකින්නේ ශාලාව පුරා පැතිරුණු ස්ථාපනිකයක් බඳු චිත්‍ර සමුදායකි. ඒ නිසා නරඹන්නා අත්දකින්නේ දතක් ගැලවූ ...

2022 සැප්තැම්බර් 15

(2022 සැප්තැම්බර් 6 වෙනි දින ගාල්ල/ මානවිල උපනන්ද විද්‍යාලයේ දී පවත්වන සාහිත්‍ය දේශනය)

ස්වභාෂාවෙන් කෙටිකථාව හදාරන යොවුන් සිසු විද්‍යාර්ථීන් ලෙස සාහිත්‍ය දේශන මාධ්‍යයෙන් ඔබ අමතන්නට ලැබීම සතුටක් මෙන් ම අභියෝගයක් ද වෙනවා. සතුට ඇති වන්නේ ඔබ බොහෝ ලේඛකයින් බිහි කළ පෙදෙසක හා ගම්පෙරළිය, වහල්ලු, කරුමක්කාරයෝ ...

2022 අගෝස්තු 29

මිලාන් කුන්දේරාගේ ‘Life is Elsewhere’ නවකථාව අරුණ ප්‍රේමරත්න සිංහලට පරිවර්තනය කරන්නේ ‘ජීවිතය අන් තැනක’ යනුවෙනි. මේ ප්‍රහේලිකාත්මක නවකථා නාමය උපුටා ගනිමින් පොදුවේ සිංහල සාහිත්‍යය කියවීම පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැඟීම යි, මේ දේශනයේ පරමාර්ථය වී තිබෙන්නේ.ඒ නවකථාවේ පරිවර්තිත නාමය ගැන අවධානය යොමු කළ විට කෙසේ ද ජීවිතය අන් තැනක තියෙන්නේ?

2022 අගෝස්තු 7

කිවිඳුන් මට දුන් උපදෙස පිළිපැද

බලනා විට මම දුටුවෙමි බැනරය

ඉමහත් වේගෙන් පෙරට ඇදී යන

සිටුවන පොළොවක් ඊට අහිමි ලෙස. *1

බැනරය පසුපස දිව එන සෙනඟකි ...

2022 ජූලි 25

සුළියක් වී වට කැරකෙන භීතිය

මැද වෙවුලන මම ඇදුරිඳු විමසමි,

දෙසවන් පාරන හඬ කවරක් දෝ?

ඒ සා සෝකෙන් හඬණේ කවුදෝ?*1

ඔහු දුන් විදුමිණි පිළිතුර මෙය විය, ...

2022 ජුනි 12

අඳුරු වන් තිමිරය හෙළමින් පහළ ගෙවී යයි දවස,

වැඩ බරින් මුදවත ලොවෙහි ප්‍රාණින් සැවොම,

මම වෙමි එක ම මිනිසා මෙලොව

තනි වුණු මෙතැන එම මුල් දින ම.*1

හටනකි දෙකකි කළ යුතු සෙයකි,

2022 ජූලි 16

නොවිතර දුක්බර නිරා නුවර දොර !

දුක්කඳ සවි වුණු විසම නුවර දොර !

අත්හළ රට දැය වෙත යන බිහි දොර!

මම වෙමි පව් කළ මහ සෙනඟට දොර! ‍

සුර නර තුන් ලෝ පවර මැවුම්කරු ...

2022 ජූලි 7

“එපවත් පවසා මා වෙත බැතියෙන්

ඉවත බැලූ සඳ දුටුවෙමි පියකරු

දෙනයන ගැල්වුණු දිලෙන කඳුළු බිඳු,

මා මේ ගමන‍‍ට කෙවිටෙන් දුවවන.”*1

එළඳා පැතු ලෙස ආවෙමි ඔබ වෙත, ...

2022 ජූලි 3

“මම වෙමි බ්‍රියට්‍රිස් ඔබ හමුවනු වස්

ඔබ පොළඹනු වස් යා යුතු ගමනට,

මා යළි යනු ලැදි එතැනින් සපැමිණි

ආලය උල්පත, මේ බස එහි දිය,’*1

‘ආපසු ගිය කල දෙවියන් වෙත යළි ...

2022 මැයි 19

“මම ය මේ - එනියස් නොවන පාවුළු නොවන!

යා යුතු ද මා මේසා ගමන, මා වැනි කෙනෙකු

ගියොතින් ගමන අවිචිය බලා අමනෙකු වෙම් ද?

ඔබ මට වඩා දක්නා කෙනෙකි අගපත් නැණින්.*1

පෙර අදිටනක් නැවතත් සිතා වෙනසක් කළත් ...

2022 ජුනි 12

අඳුරු වන් තිමිරය හෙළමින් පහළ ගෙවී යයි දවස,

වැඩ බරින් මුදවත ලොවෙහි ප්‍රාණින් සැවොම,

මම වෙමි එක ම මිනිසා මෙලොව

තනි වුණු මෙතැන එම මුල් දින ම.*1

හටනකි දෙකකි කළ යුතු සෙයකි,

2022 ජුනි 5

ගැඹුරු පෙමින් මම ඔබ පැදි කියවූ

නොමසුරු අසරණ සරණ යදින්නෙමි. *30

ඔබ මා ගුරු ම ය, මා ගුරුදෙවි ම ය,

මිහිරෙන් අගතැන් පත් ඔබ කවියෙනි,

2022 මැයි 19

බෑවුම අවසන නැඟුම ඇරඹි තැන

දිවියෙක් මතු විය පෙනුමෙන් විසිතුරු

බුහුටි කයින් ගෙන අනත අශ්ව බල!

ඌ සතු ලොම සම බෙහෙවින් තිත් ලද. බැලු බැලු අත මට පෙනුණේ දිවි රුව ...

2022 මැයි 15

අඩක් ගෙවූ තැන අප දිවි මඟ

හරි මැද නෙත් හැර අවදිව බැලුවේ වටපිට

දකිනුව මා රැඳි ගනඳුරු වන ගැබ,

පා ඔසවා ඇත නිසි මඟ බැහැරව. *1

ඔලමොල, බියකරු මේ ගන වනයේ, ...

2022 පෙබරවාරි 6

චිත්‍රය ධනේශ්වර විඥානයේ සහ සංස්කෘතියේ අවියෝජනීය අංගයක් ලෙස හෙළාදකිමින් එය හුදෙක් දෘෂ්ටිවාදී මෙවලමක් ලෙස සලකා මර්ධනයට ලක් කිරීමට කලාකරුවන් පෙලඹවීම අද නිල පශ්චාත්-ශාස්ත්‍රාල මතය වී ඇත. එම මතය තහවුරු කරන ප්‍රදර්ශන හා කලා කඳවුරු වෙත කලාකරුවන් කැඳවීම අද සුලබ ලෙස සිදු වේ. ඇතැම් විට ලෝක කලා වෙළඳපළට චිත්‍ර සපයන අතරේ ආර්ථික හේතු නිසා කිසිදු කලා කෘතියක් මිලට ...

2022 ජනවාරි 31

ඇන්ටන් චෙකොව්ගේ ‘බල්ලා කැටුව යන කාන්තාව’ කෙටිකතාවේ පෙරදැක්මක් වැනි ලියනාඩෝ ඩා වින්චිගේ ‘සුදු මුගටියකු සමඟ නෝනා’ (Lady with an Ermine) චිත්‍රය තුළ විදග්ධ ස්ත්‍රීත්වය හා සත්වයා එක තැන ආලේඛගත වන්නේ සුපුරුදු ප්‍රභූ ආලේඛ සම්ප්‍රදාය හෝ ස්වාභාවිකවාදය (Naturalism) තුළ කිය නොහැකි මනෝභාව හා දුරවබෝධහැඟීම් ප්‍රකාශ කරමිනි. ඉතාලියේ මිලාන්හි සිටුවරයා වූ සොෆොර්සා විසින් ලියනාඩෝ ඩා වින්චි ...

2022 ජනවාරි 27

සිංහල සෞන්දර්යවේදය තුළ චිත්‍රය හා මූර්තිය සම්බන්ධයෙන් පවතින සහනුභූතිය, සහකම්පනය හා ලැදියාව තවමත් ස්ථාපනිකය හෙවත් කලාගාරය තුළ ඉදි කර ඇති අට්ටාලමය කලා කෘතියක් දක්වා ව්‍යාප්ත වී නැත. එය මෙරට ප්‍රදර්ශන කලාව තුළ තවමත් අප්‍රභංසයක්, ප්‍රහේලිකාවක්, අහඹු ඇටවුමක් ලෙස නරඹන්නාගේ ඇස ඉදිරියේ අවසානය දැකීම අතිශය කණගාටුවට කරුණකි. ...

2022 ජනවාරි 14

රසවාදයෙන් ඇරඹුණු සිංහල සෞන්දර්යවේදයේ දිගු ගමන පසුගිය දශකය පුරා යථාර්ථවාදය මතු නොව ගොතිකය, ඩාඩා, අධියථාර්ථවාදය සහ අවෛෂයික කලාව හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් කලාව පිළිබඳ නන්දෙඩවීමෙන් පසුව, මැජිකල් යථාර්ථවාදය සමකාලීන කලා දිවියේ දෛනික පැවැත්ම වෙනුවෙන් පරම සත්‍යය ලෙස භාර ගන්නා සෞන්දර්යවේදය බවට පත් කර ගෙන ඇත. එම ව්‍යාජ සෞන්දර්යවේදය ...

2021 සැප්තැම්බර් 13

නෙළුම් මල පවිත්‍රතාවේ පුරාවෘත්තයක් නම් ඒ දියෙහිම වෙසෙනා ගෙම්බා කවර පුරාවෘත්තයක් ද? නෙළුම් මල ස්වාභාවික භාෂාව තුළ දී හුදෙක් ජලජ කැලෑ මල් වර්ගයක් වූවත් එය එම භාෂාවෙන් සොරා ගෙනතිබෙන අපි එය ජාතික පුරාවෘත්තයක් බවට පත් කර ගෙන සිටිමු. අශෝභන පෙනුම, ඝෝෂාව හා සෙවෙල ගතිය නිසා මැඬියා අපගේ පුරාවෘත්තකරණය තුළ පුරාවෘත්තයක් බවට පොලා පනින්නේ නැති නමුත් ඒ කැත, ඝෝෂාකාරී, සෙවෙල සත්වයා ...

2021 ඔක්තෝබර් 2

අප රට උගතුන්ගෙන් ඉතා ටික දෙනෙකුන් හැර අනික් සියල්ලන්ම ආනන්ද කුමාරස්වාමි හඳුනන්නේ කලා විචාරකයකු ලෙසින් බව කියමිනි, මාර්ටින් වික්‍රමසිංහ සිය ‘නූගත්කම හා සංස්කෘතිය’ නමැති ලිපිය ආරම්භ කරන්නේ. තත්කාලීන උගතුන්ගේ ශාස්ත්‍රීය සීමා මායිම්වල සිරගත වී නොසිටි මාර්ටින් වික්‍රමසිංහ එසේ තම ලිපිය ආරම්භ කරන්නේ ආනන්ද කුමාරස්වාමි පිළිබඳ ඒ උගතුන් දෙපාර්ශවයෙන්, එනම් ඔහු හුදෙක් කලා විචාරකයකු ...

2021 සැප්තැම්බර් 5

කොළඹ හා මාලදිවයින ප්‍රංශ තානාපති කාර්යාල මඟින් පවත්වන ලද ‘දූපත’ 2021, ප්‍රංශ වසන්ත ඡායාරූප සැණකෙළියේ (The Island, French Spring Festival) මුල් තැන දිනා ගත් ගාමිණී අක්මීමනගේ ‘සොහොයුරියෝ’ සේයාරුව කුරුණෑගල නිවුන් දරුවන් විය හැකි කුඩා ගැහැනු ළමුන් දෙදෙනකුගේ කළු සුදු පිළිබිඹුවකි. ඒ දෙදෙනා එක සමාන මෝස්තරයේ ගවුම් දෙකකින් සැරසී සිටිති. ඒවා සමහර විට ඔවුන්ගේ හොඳම වස්ත්‍ර විය හැකි ය. ඒවා තත්කාලීන...

2021 සැප්තැම්බර් 1

අධිරාජ්‍යවාදය හා ඊට එරෙහිව දියත් වුණු අරගල මෙන්ම අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීමෙන් පසු ඇති වුණු ස්වාධීන රාජ්‍යයන්ගේ පාලනය, බලයට පත් වුණු ස්වදේශීය පංතීන්ගේ ස්වභාවය, පාලනය හා දූෂණය යනාදි කාරණා පිළිබඳව ද ඉතාමත් පුළුල් සංවාදයක් ඇති වුණු රටක් තුළ ජෝසප් කොන්රඩ්ගේ සාහිත්‍යය මුළුමනින් ම අමතක කර දැමීම විවාදාත්මක කාරණයකි. ඉන් ඇති වන විමතිය අධිරාජ්‍යවාදය පිළිබඳ ජාතික විවේචනයේ පටු බව මෙන්ම...

2021 අගෝස්තු 22

සංගීතඥ ලලනාත් දි සිල්වා විසින් සම්භාව්‍ය සංගීතය අරභයා ඉංග්‍රීසි බසින් මෙහෙයවනු ලබන ‘නෝට්වර්දි’ (NoteWorthy) සූම් සාකච්ඡා මාලාව යටතේ පසුගිය මැයි මස 29 වෙනි දා ප්‍රේමසිරි කේමදාස අංකය විකාශනය විය. ලලනාත් ද සිල්වා, අනූපා කේමදාස පෙරේරා සහ ගයාත්‍රි කේමදාස සහභාගි වූ මේ වැඩසටහන විකාශනය වන අතරේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සිනමා සංගීත නිර්මාණ, පිරිනිවන් මංගල්‍යයේ සංගීත ඡේද මෙන්ම ගයාත්‍රි කේමදාසගේ ...

2021 ජූලි 27

අමරසේකරගේ සාහිත්‍යයේ විශාලත්වය ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය මගින් යෝජනා කරනු ලබන නව ජනතාවාදී හා ජාතිකවාදී මුහුණුවරකින් යුතු චූලත්වය ඉක්මවා යන අතර ඊට සරදම් කරනු ද පෙනේ. කවර දෘෂ්ටිවාදී පරිහානියක්, පරාභවයක්, හායනයක් ඔස්සේ වූවත් ඔහු චූල කලාව, ජනප්‍රිය කලාව හෝ ජර්මානු ෆ්‍රෑන්ක්ෆර්ට් චින්තකයින් විසින් හදුනා ගන්නා ලද සරුවපිත්තල පකිස් කලාව හෙවත් 'කිච්’ (kitsch) ඔසවා තැබුවේ නැත. ...

එරික් ඉලයප්ආරච්චි විසින් රචිත කෘති (Literary works by Eric Ilayapparachchi)
-
පද්‍ය සංග්‍රහ

මැදියමේ ගීතය (Mediyame Geethaya)

සිදුහත්ගේ අග මෙහෙසිය (Siduhathge Aga Mehesiya)

ආලින්දය (Alindaya)

වෙසතුරු සිරිතක් (Vesathuru Sirithak)

මැදියමේ ගීතය සහ තවත් කවි (Mediyame Geethaya saha thawath Kavi)

මගෙ කොළඹට හඳ පායයි (Mage Kolambata Handa Payayi)

කිසිවෙක් කවියන් නොමරති (Kisiwek Kaviyan Nomarathi)

පියස්සක් නැති පරවියෙක් (Piyassak Nethi Paraviyek)

පිත්තල හන්දිය (Piththala Handiya)

සුචරිත සිරිත (Sucharitha Siritha)

කේ.කේ (K.K)

කපුටා සහ සිටාණෝ (Kaputa Saha Sitano)

අබිලි (Abili)

දස බිම්බරා (Dasa Bimbara)

හම්බාවා (Hambawa)

ඔපෙරා

අග්නි (Agni)

ඔපෙරා විනිස (Opera Vinisa )

සොක්‍රටීස් ඔපෙරා පිටපත (Socrates Opera Pitapatha)

පූලන් දේවි ඔපෙරා පිටපත (Phoolan Devi Opera Pitapatha )

චරිතාපදාන

ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය (Premasiri Khemadasa Vicharathmaka Charithapadanaya)

සංචාරාඛ්‍යාන

ඉන්දියාව: ශූන්‍යය සෙවීම (Indiyawa: Shunya Sevima)

දුටු නොදුටු (Dutu Nodutu)

කෙටිකතා සංග්‍රහ

වඩදිය (Wadadiya)

මල් නැති උයන (Mal Nathi Uyana )

ලංකා ගමන (Lanka Gamana)

අවනඩුවක සටහන් (Awanaduwaka Satahan)

කෛලාස කූටය (Kailasa Kutaya)

මිනිස් වටය (Minis Wataya)

බැග්ඩෑඩ් (Baghdad)

ලේ විල සහ ඩාන්ටේ (Le Wila saha Dante)

චයිනා ටවුම (China Tawuma)

ශාස්ත්‍රීය සංග්‍රහ

චිත්‍ර කලාව සහ විචාරය (Chithra Kalawa Saha Vicharaya)

චිත්‍ර කලා සියපත (Chithra Kala Siyapatha)

චිත්‍ර කලා සෙව්වන්දිය (Chithra Kala Sewwandiya)

කලාත්මක ඥාණය සහ සැබෑ ලෝකය (Kalathmaka Ghanaya saha Sebe Lokaya)

විචාර පත්‍රිකා (Vichara Pathrika)

කේමදාස (Kemadasa)

ලාංකේය සමාජය (Lankeya Samajaya)

කේමදාස සංගීතය (Kemadasa Sangeethaya)

අග්නි ඔපෙරාව (Agni Operawa)

ලලිත කලා න්‍යාය සහ සෞන්දර්ය (රොහාන් පෙරේරා සමග) Lalitha Kala Nyaya saha Soundarya (With Rohan Perera)

කලාව සහ කතිකාව (Kalawa saha Kathikdwa)

නෝ ආර්ට් ප්ලීස් (No Art Please)

තාගෝර් (ආදරවන්තයාගේ කතිකාව) - Tagore (Adarawanthayage Kathikawa)

සමකාලීන සාහිත්‍ය විචාර: සුචරිත දීප්ති සමන් (Samakalina Sahithya Vichara: Sucharitha Deepthi Saman)

චැප්ලින් කොළම 1,2,3,4 (Chaplin Colama 1,2,3,4)

මගේ පුස්තකාලය (Mage Pusthakalaya)

තිරකතා සහ නාට්‍ය

මී පැණි සහ අළු (Mee Pani saha Alu)

මිස් ලංකා (miss Lanka)

පරිවර්තන

මුඩු බිම (Mudu Bima)

නවකතා

බගන්දරා (Bagandara)

විතණ්ඩ සමය (Vithanda Samaya)

ආදරයේ සිමෙන්ති (Adaraye Cimenthi)

ලලිත සමය (Lalitha Samaya)

පාද යාත්‍රා (PadaYathra)

පරදේසි (Paradesi)

රතු පලස (Rathu Palasa) | Review: රතු පලස : අමතක කර දැමූ නවකතාවක් - සාගර විජේසේන

පේත | Review: යළි මඟ සොයා යන ඉලයප්ආරච්චිගේ පේත ​- ජස්ටින් පියරත්න

මැස්සා (messa)

කොළඹ දැනුම (Kolamba Danuma)

කලාව සොයා යාම (Kalawa Soya Yama)

සමකාලීන නාට්‍ය ශාස්ත්‍ර (Samakalina Natya Shasthra)

මන්ටො (Manto)