ආචාර්ය සමන් පුෂ්පකුමාර - Dr. Saman Pushpakumara
-

ආචාර්ය සමන් පුෂ්පකුමාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකි. ඔහු එහි මහාද්වීපික දර්ශනය ඉගැන්වීමෙහි ව්‍යාවෘත ව සිටී. සිය ආචාර්ය උපාධිය සඳහා හෙගලියානු දර්ශනවාදය සම්බන්ධයෙන් ලියූ නිබන්ධය ජර්මනියේ Verlag Traugott Bautz GmbH ආයතනය මඟින් The Tremendous Power of the Negative නමින් පොතක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දක්වා ඇත.

ලිපි පෙළගැස්ම

2024 අප්‍රේල් 8

1787 දී කාල් ලියොන්හාඩ් රේන්හෝල්ඩ් (Karl Leonhard Reinhold) ජිනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයට පත් වූ අතර කාන්ට්ගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහුගේ දේශන ඇසීමට සිය ගණනාවක් ශිෂ්‍යයන් ආකර්ෂණය විය. ඔහු එම ධුරය හැර දා කීල් විශ්වවිද්‍යාලයේ තනතුරක් සඳහා ගිය පසු ඔහුගේ තනතුරට පත්වූයේ ෆිෂ්ට ය. මෙය සිදුවූයේ 1794 දී ය. ඔහු කාන්ටියානු ව්‍යාපෘතිය වඩාත් රැඩිකල්කරණයට ලක් කළා පමණක් නොව එයට අලුත් අවකාශයක් නිර්මාණය කර දුන්නේ ය. පශ්චාත් කාන්ට්යානු දාර්ශනික ව්‍යාපෘතිය ෆිෂ්ට අතින් ඉහළට නැගුණේ ය...

2023 අගෝස්තු 16

අප මෙතෙක් සාකච්ඡා කළේ හෙගල්ගේ මූලික සංකල්පයන් පිළිබඳව ය. මේ ලිපියෙන් අපේ ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ ලිපි මාලාව අවසන් කෙරේ.

1618-1648 අවුරුදු 30ක යුද කාලයේ කුඩා ගම් ආකාරයට සැකසී තිබුණු ජර්මනිය ශුද්ධ රෝම අධිරාජ්‍යයේ දෘෂ්ටිවාදය මඟින් පාලනය විය. මේ කාලයේ ජර්මනිය සංස්කෘතිමය වශයෙන් වැදගත් රටක් වූයේ නැත. ප්‍රොතෙස්තන්ත හා කතෝලික ප්‍රදේශ...

2023 මාර්තු 10

පුද්ගලයෙකුට ස්ව-සවිඥානකත්වය ලබා ගත හැක්කේ සමාජ ලෝකය හා බැඳුණු මහා ව්‍යාපෘතියක් තුළ ය යන්න හෙගල්ගේ දැක්ම විය. ඒ අනුව පුද්ගලභාවයක් මඟින් ලබන විමුක්තියක් නැත. පුද්ගලයා ද ඇතුළත් සම්බන්ධතා පදනම් වී තිබෙන්නේ පිළිගැනීම ලබා ගැනීම සඳහා මිනිසා කරන අරගලයක් සහිත ලෝකයක් තුළ ය. පුද්ගලයා තුළ විවිධාකාර අත්දැකීම් ප්‍රතිබිම්බය වන අතර මෙහි දී ...

2023 ජනවාරි 28

හෙගල්ගේ දාර්ශනික අභිලාෂය මයිකල් ඇන්ජිලෝ කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් සමඟ සමපාත වේ. මයිකල් ඇන්ජිලෝට අනුව සෑම ගල්කුට්ටියක් තුළ ම අභ්‍යන්තර පිළිමයක් ඇත. මූර්ති ශිල්පියාගේ අභිලාෂය විය යුත්තේ මේ අභ්‍යන්තර පිළිමය සොයා ගැනීම ය. දාර්ශනිකයා කරන්නේ හුදෙක් මතයක් ඉදිරිපත් කිරීම නො වේ. තමා තුළ ඇති අදහසක් එළියට දැමීම නො වේ. ඔහු කරන්නේ ක්‍රමානුකූලව අභ්‍යන්තරික සත්‍යය හෙළිදරව් කිරීමකි; මූර්ති ශිල්පියා අභ්‍යන්තරික පිළිමය සොයනවා සේ ...

2023 ජනවාරි 21

කාන්ට් තමන්ගේ Critique of Pure Reason කෘතියේ දී පූර්ව කාන්ටියානු පාරභෞතිකවාදයට පහර ගැසුවේ ය. පාරභෞතිකවාදයට එරෙහිව කරන ලද අභියෝග හමුවේ හෙගල් තමන්ගේ පරම විඥානවාදය, ඓන්ද්‍රීයවාදය, පරමාත්මය හා දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය ආරක්‍ෂා කළේ ය. කාන්ට්ගේ ප්‍රහාරයන් හමුවේ හෙගල් පාරභෞතිකවාදය අත්හැරියේ නැත. පරමත්වය ගැන දැනුම ලබා ගත හැකිය යන්න හේගල්ගේ පිළිගැනීම විය. පැරණි පාරභෞතිකවාදය අධානග්‍රාහී එකක් ...

2022 නොවැම්බර් 08

හෙගල් අදහස (the Idea) යන්න පුද්ගලික හෝ ආත්මීය එකක් ලෙසට ගන්නේ නැත. ‘මාගේ අදහස’ වැනි අර්ථයකින් මෙය යොදන්නේ නැත. හෙගල් ආත්මීය විඥානවාදියකු නොවන්නේ මේ නිසාය. අදහස යන්න වාස්තවික වශයෙන් පවතින්නක් බව හෙගල්ගේ අදහස ය. අදහසේ දයලෙක්තිකය පරිපූර්ණ වීම නියෝජනය කිරීමට ‘පරම අදහස’ (Absolute Idea) යන්න පාවිච්චි කෙරෙයි....

2022 නොවැම්බර් 08

ග්‍රාම්ස්චිගේ උත්සාහය වන්නේ සත්වාදය නිෂේධනය කිරීම නොවන නමුත් ආධානග්‍රාහිත්වය නිෂේධ කිරීම ය. ග්‍රාම්ස්චිගේ සැබෑ අභිප්‍රාය දැන ගැනීමට ක්‍රමයක් නැති වුවත් ඔහුගේ වියමන්, ලිපි ලේඛන විශ්ලේෂණය කිරීමට හැකියාවක් ඇත. ග්‍රාම්ස්චිගේ ලියකියවිලි තුළ ඇති අසම්පූර්ණත්වයන් ව්‍යාකුලත්වයන්, අසංගතභාවයන් ඔහු ජීවත් වූයේ කුමන පසුබිමක ද, කුමන කොන්දේසි යටතේ ද යන්නෙහි පිළිබිඹුවකි. ...

2022 ඔක්තෝබර් 9

මෙම ලිපියෙන් උත්සාහ ගන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ චින්තනය සහ දේශපාලනය ඉතිහාසවාදී අංග ලක්‍ෂණයන් අන්තර්ගත කරගන්නා ආකාරයත් ඔහුගේ භෞතිකවාදය තුළ සත්වාදී මෙන් ම හෙගලියානු හා ක්‍රෝච්යානු විඥානවාදී ප්‍රවේශයන් අන්තර්ගත වී තිබෙන්නේ කෙසේ ද යන්නත් පරීක්‍ෂා කිරීම ය.....

2022 අගෝස්තු 14

බුද්ධි ප්‍රබෝධය සමඟ අරගලය

1790 පමණ කාලය තුළ ජර්මනිය යනු හෙගල් සහ රොමැන්තික පරම්පරාව බිහි වූ යුගය ය. මේ කාලය ඉතාමත් පුදුමාකාර ලෙස බුද්ධිමය බෙදීමක් පැවති යුගයකි. මේ යුගයේ පැවති බුද්ධිමය, සදාචාරමය, සංස්කෘතික පරිසරය (Spirit of the age/Zeitgeist) කුමක්ද? එය බුද්ධි ප්‍රබෝධය (Aufklarung) අර්බුදයකට යමින් පැවති යුගයකි. ...

2022 ජූලි 7

1. බුද්ධි ප්‍රබෝධයෙන් මතු කළ සදාචාරාත්මක ප්‍රාර්ථනාව - මෙහිදී මිනිසාට තම ස්වාධීනත්වයෙන් ක්‍රියාත්මක විය හැකි දිශාවන් තීරණය විය. මේ දිශාව තීන්දු කිරීමේදී කාන්ට්ගේ සදාචාර විනිශ්චය දැඩි පිළිගැනීමකට ලක්විය.

2. ක්‍රිස්තියානි ආගමේ බලපෑම- හේගල් තමන්ගේ උසස් අධ්‍යපනය සඳහා දේවධර්මය හැදෑරීය. නමුත් ක්‍රිස්තියානිය සම්බන්ධයෙන් හෙගලියානු ආකල්පය...

2022 ජුනි 22

20 වන දර්ශනයේ සුවිශේෂ ලක්‍ෂණයක් වූයේ හේගල් පුනරුදයක් සිදුවීම ය. මාක්ස්වාදයේ මූලයන් සොයන්නට යොමු වූ පිරිස 1960 ගණන් වලදී නැවතත් හේගල් වෙත යොමු වූහ. 1970, 1980 දශකවල විශ්ලේෂී දර්ශනයට විකල්පයක් වශයෙන් මහද්වීපික දාර්ශනිකයෝ හේගල්ව නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ උත්සාහයක නිරත වූහ. හේගල්ව වර්තමානයේදිත් කියවිය යුතුය යන මතවාදය තහවුරු විය. නමුත් හෙගල්ව කියවෙන්නේ කෙසේද යන ගැටළුව ඉතිරිව පැවතිණි. ...

2022 අප්‍රේල් 5

X ​කණ්ඩායමේ ව්‍යාපෘතිය මඟින් විවිධ මහාද්වීපික දාර්ශනිකයන් ගණනාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ය. මේ දාර්ශනිකයන් හා දාර්ශනික ප්‍රවණතාවන් ගැන අදහස් පළ කිරීමට හෝ විවේචනය කිරීමට තරම් අවබෝධයක් තිබුණු අය ශාස්ත්‍රීය ආයතනවල සිටියේ ද නැත. මේ ප්‍රවණතා දෙස විචාරාත්මක ව බැලීමට සමත් දියුණු මාක්ස්වාදීන් ද ලංකාවේ සිටියේ නැත. නිව්ටන් ගුණසිංහ, කීර්ති බාලසූරිය වැනි අය මිය ගොස් ...

2022 මාර්තු 9

වර්ෂ 2000 පමණ කාලය වන විට නලින්, චම්පික වැනි අය මතු කළ දාර්ශනික සාකච්ඡා අවසන් වෙමින් පැවතුණු අතර ඔවුන් වේගයෙන් ජාතිකවාදයෙන් ජාතිවාදී දිශාවන්ටත්, ආගම්වාදී දිශාවන්තටත්, දෙමළ කොටි ව්‍යාපාරයට එරෙහිවත්, අන්‍ය ආගමික විරෝධය ආදි ප්‍රවේශයන් දක්වාත් ගමන් කරමින් සිටියහ. දේශපාලන ආර්ථික විද්‍යා හා ආර්ථික අධෝව්‍යූහාත්මක ක්‍ෂේත්‍ර ගැන කරන සාකච්ඡාවන් වෙනුවට උපරි ව්‍යූහාත්මක ...

2022 පෙබරවාරි 13

මවිසින් හෙගල් සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඇති කිරීමට කලින් විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුළත් විශ්වවිද්‍යාලවලින් පිටත දේශපාලනමය සංවිධානයන් තුළත් සීමිත ආකාරයකට හෙගල් ගැන සාකච්ඡාවන් කෙරී ඇත. මුලින් ම ශාස්ත්‍රීය සම්ප්‍රදායේ මේ සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියවී තිබෙන්නේ මොනවා ද යන්න සොයා බලමු. මෙහි දී මා පරික්‍ෂා කරනු ලබන්නේ දාර්ශනික විෂය ...

2022 පෙබරවාරි 5

අදහසේ භෞතිකය

යම් පුද්ගලයකු තවදුරටත් සමාජ ව්‍යාපාර ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ යුතු ය. සමාජ ව්‍යාපාර මට්ටමින් ඔබ්බට ගොස් සමාජ වෙනසක් ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් වඩාත් හොඳින් ග්‍රහණය කර ගත යුතු ය. එමෙන් ම යමෙකුට යම් අවකාශයක් තුළ අදහසක් රෝපණය කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ ...

2021 නොවැම්බර් 26

හෙගල්ගේ නිෂේධනය පිළිබඳ සංකල්පය ගැන මෑත කාලයේ දී සැලකිය යුතු දාර්ශනික කතිකාවක් බිහි වී ඇත. මෙහි දී අනුභූතමය නිෂේධනය, සමපේක්‍ෂණ නිෂේධනය, පරම නිෂේධනය හා රැඩිකල් නිෂේධනය යන ඒවා සාකච්ඡාවට ලක් වී ඇත. පශ්චාත් හෙගලියානු අර්ථකථනයන් තේරුම් ගැනීමට ඇති වඩාත් ම වටිනා කවුළුව වන්නේ මේ නිෂේධන සංකල්පය ය. හෙගල්ගේ මතිය පිළිබඳ සංකල්පයේ සාරය වන්නේ පරම නිෂේධනය ය. ...

2021 නොවැම්බර් 2

හෙගල් තමන්ගේ Encyclopedia Philosophical Sciences පළමු කොටසේ දක්වන ආකාරයට (Hegel 2010, 68) ආත්මය පිළිබඳ විද්‍යාවක් බවට පත්වීම සඳහා ප්‍රජානනයේ ආත්මීය ක්‍රියාකාරීත්වයේ අභ්‍යන්තරික ව්‍යූහය ස්වයං-විශ්ලේෂණයේ අන්තර්ගතය බවට පත් විය යුතු ය. යම් ක්‍ෂේත්‍රයක් විද්‍යාත්මක වීම සඳහා ඉතාමත් දැඩි තාර්කික පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ. එහි දී පූර්ව උපකල්පන විරහිත ආරම්භයක් (presuppositionless begining) ගත යුතු අතර සත්‍යය ...

2021 ඔක්තෝබර් 17

මෙම ලිපි පෙළෙහි පළමුවන කොටසින් පෙන්වා දුන්නේ හෙගල් මියගොස් වසර දෙසීයකට ආසන්න වෙමින් පවතින කාලයකත් ඔහුගේ නිෂේධනය නම් සංකල්පයේ අතිමහත්බලය නිසා ඔහු අදටත් ජීවමාන දාර්ශනිකයකු වෙන බව යි. හෙගල්ගේ පළමු වන පොත වන Essay on the Difference between Fichte’s and Shelling’s System of Philosophy කෘතියේ සිට ඔහු නිෂේධනය පිළිබඳ සංකල්පය වර්ධනය කර තිබෙන බවත්, දයලෙක්තියෙන් පෙන්නුම් කරන්නේ...

2021 සැප්තැම්බර් 18

ප්‍රගතිය පිළිබඳ අදහස බිඳ වැටී ඇති යුගයක නූතනත්වය පිළිබඳ අපේක්ෂාවන් වියැකී ඇති යුගයක ප්‍රගතිය ගැන විශ්වාසය තැබූ නුතනවාදී දාර්ශනිකයෙකු වූ හේගල් කියවීම කෙතරම් යුක්තියුක්ත ද? ආගම පිළිබඳව, පරමත්වය පිළිබඳව අපේක්ෂාවක් නැති යුගයක හේගල් කියවීම ප්‍රයෝජනවත් කටයුත්තක් ද? මාක්ස්වාදය, සාංදෘෂ්ටිකවාදය, මනෝවිශ්ලේෂණය, ප්‍රපංච විද්‍යාව, ව්‍යුහවාදය, පශ්චාත්-ව්‍යූහවාදය, නව්‍ය-උපයෝගීතාවාදය, පශ්චාත්-නූතනවාදය, ...

2021 ජූලි 13

ප්‍රශ්නයේ පසුබිම

ලුවී අල්තුසර් මාක්ස්වාදියකු වශයෙන් න්‍යාය සංකල්ප ගත කිරීමේ දී සාංදෘෂ්ටිකවාදයට මෙන් ම හෙගලියානුවාදයට ද විරුද්ධ විය. විශේෂයෙන් ම මේවායින් මතු කළ ආත්මීයවාදයට (subjectivism), මානවවාදයට (humanism) හා ඉතිහාසවේදයට (historicism) ඔහු එරෙහි විය. ආත්මීයවාදය සාංදෘෂ්ටිකවාදයේ ම කොටසක් විය. ...

2021 ජුනි 6

මාක්ස්වාදය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය, මාක්ස්වාදය සමඟ වෙනත් දැනුම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නව පද්ධතීන් බිහි කිරීමට උත්සාහ කළ අය මෙන් ම මාක්ස්වාදය විවේචනයට ලක් කළ අයත් මාක්ස්වාදී ඉතිහාසකරණයේ සුවිශේෂ තැන් කීපයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව නොසලකා හැරීම නිසා විකෘතීන් රැසක් බිහි විය.ලංකාවේ බොහෝමයක් මාක්ස්වාදීන් මාක්ස්ගේ Communist Manifesto කියෙව්වත් ...

2021 මැයි 8

හෙගලියානු අඩවිය 10 වන ලිපියේ සාකච්ඡා වූ ‘හෙගලියානු දයලෙක්තිකය’ නම් තේමාව මේ ලිපිය තුළ තවදුරටත් විකාශනය කරනු ලැබේ. එම ලිපියෙන් හෙගලියානු දයලෙක්තිකය පිළිබඳ පහත දැක්වෙන කරුණු තහවුරු කෙරිණ:(1) හෙගලියානු දයලෙක්තිකය ගමනක් ආකාරයටත් එමෙන් ම විද්‍යාවක් ආකාරයටත් ප්‍රකාශයට පත් වෙයි.(2) තව ද, එයට පාරකාලික මානයක් මෙන් ම සමකාලික මානයක් ...

2021 අප්‍රේල් 1

හෙගල්ගේ දයලෙක්තිකයට රූපික හෝ ආකෘතික ආකාරයේ නිර්වචනයන් සැපයිය නොහැකි ය. මෙම දයලෙක්තිකය කුමක් ද යන්න හඳුනා ගැනීමට නම් එය හෙගල්ගේ ප්‍රධාන කෘතීන් තුළ විස්තර වී හෝ නිර්වචනය වී හෝ භාවිතයට යෙදී තිබෙන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ය.හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතියේ සත්‍යය හා ඉතිහාසය සම්බන්ධයෙන් දයලෙක්තික විග්‍රහයන් ඉදිරිපත් වී ඇත. පරමාත්මයේ තාර්කික සාරයට ...

2021 පෙබරවාරි 26​

දර්ශන ඉතිහාසය තුළ හෙගල්ව හඳුනා ගන්නේ විඥානවාදියෙකු ලෙසටය. වඩාත් නිවැරදිව කීවොත් පරම විඥානවාදියෙකු (Absolute Idealist) ලෙසටය. භෞතිකවාදයට ප්‍රතිවිරුද්ධ අන්තයක හෙගල්ව තැබීම සාමාන්‍ය දාර්ශනික පුරුද්දය. හෙගල් භෞතිකවාදය සම්බන්ධයෙන් විචාරයක් කර තිබෙන බවත්, ද්‍රව්‍යය (matter) සම්බන්ධයෙන් සුවිශේෂ වශයෙන් සාකච්ඡා කර තිබෙන බවත්,දියුණු භෞතිකවාදයක් ගොඩනැගීමේදී හෙගල්ව අතිශයින්ම වැදගත්...

2021 ජනවාරි 19

‘ස්වාමි/සේවක දයලෙක්තිකයේ භෞතිකවාදය’ නම් පසුගිය ලිපියෙන් සාකච්ඡා කළේ ස්වාමි/සේවක දයලෙක්තිකය හුදෙක් වියුක්ත සංකල්පයක් නොව භෞතිකවාදී අන්තර්ගතයක් සහිත ඉතිහාසයට සම්බන්ධ, ජර්මනියේ හෙගල්ට සමකාලීනව පැවති වැඩවසම් සමාජ සම්බන්ධතාව දාර්ශනික ලෙස අවබෝධ කර ගැනීමට ගත් උත්සාහයක් බව ය. හෙගල් මෙහිදී කථා කරන්නේ ස්වාමි/වහල් සම්බන්ධයක් නොව වැඩවසම් ක්‍රමයේ පැවතුණු රදළ/ප්‍රවේණිදාස .....

2020 දෙසැම්බර් 30

හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළ සාකච්ඡාවට ගන්නා ස්වාමි/සේවක සබඳතාව මඟින් ඇත්ත වශයෙන් ම අදහස් කළේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇත. ස්වාමි/සේවක සබඳතාව ඉතිහාසයේ එක් යුගයකට පමණක් අදාළ සංකල්පයක්ද? සෑම යුගයකටම අයත් සාර්වත්‍රික සංකල්පයක්ද? මිනිස් විඥානයට පමණක් අයත් සංකල්පයක්ද? මෙහි යම් භෞතිකවාදී අන්තර්ගතයක් තිබේද? හෙගල් විසින් වර්ධනය කළ සංකල්පය ඔහුගෙන් .....

2020 නොවැම්බර් 19

පසුගිය ‘හෙගලියානු අඩවිය’ ලිපියෙන් සාකච්ඡාවට ලක්වූයේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ එන ආශාව පිළිබඳ තර්කය ය. ආශාව නම් හෙගලියානු ප්‍රපංචවිද්‍යාත්මක ප්‍රවර්ගය මිනිසාගේ ස්ව-විඥානය නම් අවධියට සම්බන්ධ බව මෙහි දී විස්තර විය. ආශාව යන්න පිළිගැනීම ලබා ගැනීමට ආශාව බවත්, පිළිගැනීම ලබා ගැනීම අරගලයක් බවත්, මේ අරගලයේ දී ස්වාමියෙකු හා සේවකයෙකු බිහිවන බවත් කියවිණි. හෙගල්ගේ ....

2020 ඔක්තෝබර් 9

ආශාවේ දයලෙක්තිකය (Dialectic of Desire) හෙගල්ගේ “පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව” කෘතියේ එන ප්‍රධාන තේමාවකි. 20 වන සියවසේ ප්‍රංශ දර්ශනය තුළ හෙගල්ගේ ආශාව පිළිබඳ සංකල්පයට විශේෂ අවධානයක් යොමු විය. ඇලෙක්සැන්ඩර් කොජෙව්, ෂොන් හිපොලිට්, ජීන් පෝල් සාත්, ජක් ලැකාන් ආශාව යන්න තෘප්තිමක් කළ හැකි දෙයක් ද යන්න සාකච්ඡා කිරීමේ දී හෙගල් කියූ දෑ විමර්ශනය කර ඇත. ආශාවේ ආත්මය (subject of desire) කුමන කොන්දේසි .....

2020 අගෝස්තු 25

හෙගල්ට අනුව විඥානය (consciousness) හා ස්ව-විඥානය (self-consciousness) යන ඒවා එකිනෙකින් වෙනස් අතර ඒවාට ලැබෙන අර්ථයන් සාමාන්‍ය වශයෙන් ඒවාට දී තිබෙන අර්ථයන්ගෙන් වෙනස් ය. හෙගල් විස්තර කරන ආකාරයට මේවා චින්තනමය පද්ධතියකට සම්බන්ධ අතර දයලෙක්තික වශයෙන් වර්ධනමය ක්‍රියාවලියකට යටත්ය.

හෙගල් සිය පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව ....

2020 ජූලි 28

හෙගල් තමන්ගේ පරමාත්මයේ ප්‍රපංචවේදය (Phenomenology of Spirit) කෘතියට කරන ප්‍රස්ථාවනාවේ සිය දර්ශනයේ කේන්ද්‍රීය ස්වභාවය එක් වගන්තියකින් හකුළුවා දක්වයි.

‘In my view, which can be justified only by the’ exposition of the system itself, everything turns on grasping and expressing the True, not only as Substance but equality as Subject. ...

2020 ජූලි 4

හෙගල් තමන්ගේ දර්ශනය සමපේක්‍ෂණ දර්ශනයක් (Speculative Philosophy) ලෙසට නම් කළේය. මිනිස් ඥානය දෘශ්‍යමානයට පමණක් සීමා වේ යැයි කාන්ට් පැවසූ අතර මේ ප්‍රවේශය ඉක්මවා යාම සඳහා ෂෙලිං හා හෙගල් යන දෙදෙනා ම සමපේක්‍ෂණ දර්ශනයක් වෙත යොමු වූහ. දෘඪ ප්‍රතිවිරෝධ යුගලයන් (dichotomies) පිළිගත් දර්ශනවාදයක් මේ දෙදෙනා ම බැහැර කළ අතර කාන්ට්ගේ දර්ශනයත් මේ ආකාර ප්‍රතිවිරෝධී යුගලයන්හි හිර වී තිබුණේය.....

2020 ජුනි 15

ෆෙඞ්රික් විල්හෙල්ම් ශෙලිං (1775-1854) හා ජෝර්ජ් විල්හෙල්ම් හෙගල් (1770-1831) අතර පැවතුණු ප්‍රධාන දාර්ශනික වෙනස්කම කුමක්ද? ශෙලිංගේ දර්ශනය ජීවිතය පිළිබඳ දර්ශනයක් (Philosophy of life) වන විට හෙගල්ගේ දර්ශනය පරමාත්මය පිළිබඳ දර්ශනයක් (Philosophy of Spirit) විය. ශෙලිංගේ පද්ධතිය මඟින් ජීවිතය පිළිබඳ සංකල්පය විවරණය කෙරෙන අතර එය ආවශ්‍යක ලෙස ස්වභාවිකවාදී (naturalistic) හා ජීව විද්‍යාත්මක (biological) විය. එයට ප්‍රතිවිරුද්ධව හෙගල්ගේ .....