එම්.ඩී. මහින්දපාල - M.D Mahindapala

-

එම්.ඩී. මහින්දපාල ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ හිටපු පුහුණු කළමනාකාරවරයා යි. ඔහු වෘත්තියෙන් කැමරා ශිල්පියෙකි. 1973 දී රජයේ චිත්‍රපට ආයතනයට බැඳුණු ඔහු එවකට එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ජර්මන් ජාතික වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ පෝල් සිලස් මහතා යටතේ පුහුණුව ලැබීය. ඔහු වෘත්තාන්ත හා වාර්තා චිත්‍රපට මෙන්ම රූපවාහිනී මාලා නාටක, වාර්තා හා විචිත්‍රාංග වැඩසටහන් රැසක කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය.​​

තරණය, අනන්ත රාත්‍රිය, පුරහඳ කළුවර, මගේ වම් අත, උඩුගං යාමය සහ ඉර මැදියම වැනි වෘත්තාන්ත චිත්‍රපට ද කඩඉම, ගම්පෙරළිය හා පිටගම්කාරයෝ වැනි රූපවාහිනී මාලා නාටක ද ඔහුගේ දායකත්වය ලැබූ කෘති වේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයේ සෞන්දර්ය අධ්‍යාපන පීඨයේ ඡායාරූප ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. එසේම සිනමා හා රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලේඛකයෙකු සහ උපදේශකවරයෙකු ද වෙයි.

ලිපි පෙළගැස්ම

2024 මාර්තු 4

ලෝකප්‍රකට සිනමාකරුවකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් 1956 වසරේ දී නිර්මාණය කළ ‘The Wrong Man’ නම් සිනමා කෘතිය ඔහුගේ වෙනත් නිර්මාණවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් බවක් පෙනී යයි. හිච්කොක් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රෙක්ෂකයා සංත්‍රාසයට හා භීතියට පත්කිරීමේ අරමුණින් චිත්‍රපට නිර්මාණය කළ සිනමාකරුවකු ලෙසයි. එහෙත් ඔහුගේ ඇතැම් චිත්‍රපට එයට තරමක් වෙනස් ආකාරයකින් යම් යම් මානුෂීය සබඳතා හුවාදක්වන ස්වරූපයේ නිර්මාණ වූ බැව් පෙනී යයි. කෙසේ වෙතත් ...

2024 ජනවාරි 10

පසුගිය දිනෙක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර විවෘත කිරීමේ උළෙල අරඹයා රූපවාහිනියේ විකාශය වූ ප්‍රවෘත්තියේ ඇතුලත් වූ රූප මාලාව දුටු මගේ මතකයට නැඟුණේ අතීතයේ දී මා නැරඹූ වාර්තා චිත්‍රපටයකි.

එම වාර්තා චිත්‍රපටය අද දවසේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොවන, හුදෙක් සිනමා අධ්‍යාපන කටයුතුවලදී පමණක් දැකගත හැකි කෘතියක් බවට පත්ව ඇත. එයට හේතුව එය මුලුමනින්ම නාසිවාදය උත්කර්ෂයට නංවන චිත්‍රපටයක් වීමයි. ‘Triumph of the Will’...

2023 මැයි 14

කලාව හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ කැපවීම, උද්යෝගය හා නොපසුබට උත්සාහය බැව් නොරහසකි. ලෝකය වෙනස් කළ හැක්කේ එවැනි තනි තනි මිනිසුන්ටය යන්න සනාත කළහැකි නිදසුන් ඉතිහාසය පුරා කොතෙකුත් අප අසා ඇත. සිනමා කලා ලෝකය හා අදාලව සිදුවු එවන් තවත් අපූරු සිදුවීමකට මුල්වූ අසිරිමත් මිනිසෙකු පිළිබඳව සොයායාමේදී අපට හමුවූ කථාවක් මෙසේයි. ...

සංගීතය හා ඝෝෂාව
ශ්‍රේෂ්ඨ රුසියානු සිනමාකරුවකු වූ ආන්ද්‍රේ තර්කොව්ස්කි විසින් රචිත ‘Sculpting in Time’ නම් ග්‍රන්ථයේ එන ‘Music and Noise’ නම් ලිපිය ඇසුරෙනි

2023 පෙබරවාරි 6

සංගීතය යන්න සිනමා මාධ්‍ය සමඟ සබඳතාවක් ඇති කරගන්නේ නිහඬ යුගයේ සිටයි. මුල් යුගයේ දී බොහෝවිට පියානෝ වාදකයෙක් චිත්‍රපට රූපයේ එන භාවයන් හා රිද්මයන්ට අනුරූපී වන ලෙස සංගීතය, සජීවී ලෙස වාදනය කළේය. මෙය සැබැවින්ම අතීශයින් යාන්ත්‍රික, එසේම ඒ ඒ ශිල්පියා විසින් හිතුමතේ කරන්නට ...

2022 දෙසැම්බර් 7

ලෝකප්‍රකට ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වර්නර් හර්සොග් මේ වනවිට චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවක් නිර්මාණයකොට ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින, එසේම කිසියම් පූජනීයත්වයකින් සැලකුම් ලබන අසාමාන්‍ය සිනමා චින්තකයෙකු ලෙස සැලකේ. වඩාත් විස්මයට පත්විය හැකි කරුණක් වන්නේ ඔහු කිසි දිනෙක විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකු හෝ සිනමා පාසැලක පවා ඉගෙනීමක් ලැබූ අයෙකු නොවීමයි.....

2022 සැප්තැම්බර් 22

(ආචාර්ය සෝමා ඒ. චැටර්ජි විසින් රචිත -‘Reading Rituparno’ නම් කෘතියේ එන ලිපියක් ඇසුරෙනි.)

“මෙය අභියෝගාත්මක ලොවකි. කිසිවක් ස්ථිරසාර නැත. අපගේ වස්තු, සම්පත්, ආදරය, අපගේ ඥාතීන්, එපමණක්ද නොව අපගේම ශරීරයන් පවා සදාකාලික හෝ ස්ථිර නොවේ. එසේ නම් ලිංගිකත්වය, අනන්‍යතාව වැනි සංකල්ප මෙතරම් තදින් අප වැළඳගෙන සිටින්නේ ඇයි? ඒවා මෙතරම් විශාල ගැටළු සේ අප සැලකිය යුත්තේ ඇයි?...

2022 සැප්තැම්බර් 22

‘රූප’ (Images) යන්න අපි සෑම තැනකදීම දකිමු. දැන්වීම් පුවරු, සඟරා, පුවත්වල පමණක් නොව බස් රථවල ද ඒවා ඇත. ඒවා තැපෑලෙන් ද අප වෙත ලැබේ. සිනමාව, රූපවාහිනිය හා අන්තර්ජාලය හරහා ද ඒවා නිකුත්වේ.ඉරිදා පුවත්පත්වල පලවන සුසිනිඳු වස්ත්‍රාභරණවලින් සැරසුනු ගැහැනුන් මෙන්ම රැවුලබාන උපකරණ හා වැකුම් ක්ලීනර් යන්ත්‍රවල රූප ද අපි සාලයේ සෝපාව මත හිඳගෙන නරඹමු. ...

සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් නොවේ
උජාල් චක්‍රබෝර්ති රචනා කළ The Directors Mind නම් ග්‍රන්ථය ඇසුරෙන්

2022 අගෝස්තු 25

බොහෝ දෙනා සඳහන් කරන පරිදි, සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ද? එය එලෙස හැඳින්වීම කෙතරම් සාධාරණදැයි ගැඹුරින් සිතා බැලීම වැදගත් යැයි සිතේ.සිනමාව නම් වූ කලා මාධ්‍යය ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක වන්නේ ‘සිදුවීම්’ (incidents) ඇසුරෙන් ය යන්න පැහැදිලි කරුණකි. මේ අනුව වඩා සුදුසු වන්නේ සිනමාව යනු ‘සිදුවීම් මත යැපෙන’ (incident dependent) මාධ්‍යයක් ලෙස හඳුන්වා දීමයි. ...

2022 මැයි 19

'කලාව' අරබයා විවිධ කාල වකවානු වලදී අනේක විධ මතිමතාන්තර කළ එළියට පැමිණියේය. එක් මතයක් පිටු දැකීමට, කල්ගතවත්ම තවත් මතවාදයක් එළිදැකීම නිතර සිදූවේ. එහෙත් කලාවේ අරමුණු කවරේද? එය මානව වර්ගයාගේ ප්‍රගමනයට වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නේද? යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් තවමත් ලැබී නැති බවක් හැඟේ.

2021 දෙසැම්බර් 8

(ඉයන් කැමරන් සංස්කරණය කළ The Films of Robert Bresson නම් කෘතියේ එන ලිපියක් ඇසුරිනි)

‘රොබට් බ්‍රෙසෝන් (Robert Bresson) ප්‍රංශ සිනමාවට වැදගත් වන්නේ ඔහු එක්තරා අයුරකින් ජර්මනියට මෝර්සාට් හා රුසියාවට ඩස්ටොයෙව්ස්කි මෙන් වන නිසයි. යාන් ලූ ගොඩා (Jean Luc Godard) - ප්‍රංශ නවරැල්ලේ සිනමාකරුසිනමාවේ කතෘත්ව සංකල්පය (Autera Theory) යන්න කිසියම් ...

2021 අගෝස්තු 22

'ලොව විශිෂ්ඨතම සිනමාකරුවකු සේ සැලකෙන, මෙක්සිකෝ ජාතික කාලෝස් රෙගෙඩාස් විසින් කරන ලද දේශනයක් ඇසුරෙන්'

සිනමා කෘතියකදී ප්‍රධාන වශයෙන්ම සිදූවන්නේ හොඳ කථාවක් කීම බව ලොව පුරා, විශේෂයෙන්ම බටහිර රටවල මුල් බැසගත් කියමනක් බැව් කිවයුතු නොවේ. එකී මතය පිළිගන්නේ නම් සිනමා භාෂාව සතු සක්‍යතාවත් බොහෝමයක් අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට සිදූවනු නොඅනුමානය. ...

2021 ජුනි 15

දශක ගණනාවකට ඉහත ‘සිනමාව‘ යන්න වැදගත් කලා මාධ්‍යක් සේ බුද්ධිමතුන් ගේත්, විචාරකයින්ගේත් අවධානයට පාත්‍ර නොවීම කැපී පෙනෙන්නකි. එය හුදු පහල මධ්‍යම පාන්තික පිරිස් වල විනෝද මාධ්‍යයක් මිසක, සාහිත්‍යය, සංගීතය, නාට්‍යය හෝ චිත්‍ර ශිල්පය වැනි සම්භාව්‍ය ගණයේ ලා සැලකිය හැකි කලා මාධ්‍යයක් සේ සලකනු නොලැබීය. එයට ප්‍රධානතම හේතුව වූයේ සිනමා කැමරාව සැබෑව වාර්තා කරන උපකරණයක් වීමයි. ...

2021 මාර්තු 19​

සිනමා ඉතිහාසය පිරික්සීමේ දී ඇතැම් සිනමාකරුවන් සිය නිර්මාණ හරහා හුදු කථාවක් කීම වෙනුවට කිසියම් අනුභූතී උත්තර ස්වභාවයක් (Transcendental) ගොඩනැඟීමට උත්සාහ කළ බවක් පෙනේ. ඔව්හූ සිනමා කලාව හරහා කිසියම් අධ්‍යාත්මික භාව නිරූපණයක් ගොඩ නගති. ජපානයේ යසුජිරෝ ඕසු, ප්‍රංශයේ රොබර්ට් බ්‍රෙසෝන්, මෙන්ම කිසියම් ප්‍රමාණයකින් ඩෙන්මාර්කයේ කාල් ඩේ‍රයර් හා වෙනත් රටවල අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙක් ද ...

2021 පෙබරවාරි 13

වර්ෂ 1966 දී තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ හතරවැනි වෘත්තාන්ත චිත්‍රපටය, ʹ දෙලොවක් අතර ʹ ඔහු විසින් කළ පරිපූර්ණ සිනමා නිර්මාණයක් සේ සැලකීමට බොහෝ දෙනා මැලිවෙති. එම චිත්‍රපටය තිරගතවූ යුගයේදී එය අගය කරමින් අදහස් දැක්වූවන් අතර සිටියේ ස්වල්ප දෙනෙකු පමණක් බැව් මගේ මතකයයි. දේශීය සිනමා වංශකථාව තුළ මෙතෙක් නිර්මාණය වී ඇති විශිෂ්ටතම චිත්‍රපට 10 අතරද එයට ස්ථානයක් හිමිවී නැත. එකී ලැයිස්තුවේ ඉහලින්ම ඇත්තේ ලෙස්ටර් ...

2021 ජනවාරි 28

බොහෝ දෙනා විශ්වාස කරන්නේ තර්කොව්ස්කිගේ චිත්‍රපට පහසුවෙන් අවබෝධ කොට ගත නොහැකි චිත්‍රපට විශේෂයක් බවයි. ඇත්තවශයෙන් ම ජීවිතය තුළ පවා එයාකාරයෙන් පැහැදිලි ලෙස අවබෝධ කොට ගත හැකි කිසිවක් වේද? ’කලාව හරහා යම් අරුතක් ප්‍රකාශවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කිරීම මට නම් වටහාගත නොහැක්කකි. මන්දයත් ජීවිතය ද එවැනි නිශ්චිත අරුතක් ගෙන එන්නේ නැති නිසයි’යනුවෙන් ඩේවිඩ් ලින්ච් නම් විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයා...

2020 දෙසැම්බර් 30

හැටෙි දශකයේ මුල්භාගයේදී මෙරට දී ප්‍රථම වරට සත්‍යජිත් රායිගේ 'පොථෙර් පංචාලි' චිත්‍රපටය තිරගත වූ දා සිට එය තවත් කිහිප වතාවක්ම විවිධ සිනමා උළෙලයන් හා වැඩමුලුවලදී ප්‍රදර්ශණය විය. ඕපු ත්‍රිත්වයයේ අනෙකුත් චිත්‍රපට එනම් 'අපරාජිතෝ' හා 'ඕපු සංසාර්' මෙරට නරඹන්නන්ට දැක බලා ගැනීමට හැකිවුයේ ඉන්පසුවයි. මෙකී චිත්‍රපට ත්‍රිත්වය තරම් මෙරටදී කථාබහට ලක්වූ , කිහිප වතාවක්ම ප්‍රදර්ශණය කළ වෙනත් විදේශීය චිත්‍රපටයක් පිළිබඳව ...