අසංක සී. පෙරේරා (Asanka C. Perera)

-

Asanka C Perera Web Designer | Content Writer
Asanka C Perera Web Designer | Content Writer

# Writer

# Web Designer

ලිපි පෙළගැස්ම

2024 මාර්තු 20

මුල් රාජධානි සමය

ඊජිප්තු සංස්කෘතිය ලිපි මාලාවේ දෙවන කොටසින් අපි ස්කෝපියන් රජුගෙන් පසු අභිෂේක ලැබූ අනුප්‍රාප්තිකයෙකු ලෙස නාමෙර් රජු (King Narmer) හඳුනා ගතිමු. ඔහු නයිල් නිම්නයේ ඉහළ ඩෙල්ටාවෙහි පාලකයා වූ අතර පහත ඩෙල්ටාව ආශ්‍රිත මිටියාවතෙහි වූ රාජධානිය ආක්‍රමණය කොට ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රථම වරට එක් සේසත් වූ මුල්ම ස්ථාවර රාජ්‍යය බිහි කළේ ය.

එමගින් රාජ්‍ය පාලනයෙහි පළමු වන පාරාවෝ රාජ්‍ය වංශය පිහිටු වූයේ ය. මෙම්පිස් ...

2022 අගෝස්තු 31

(මෙය දොස්තර ජෝන් එච්. වොට්සන් මහතාගේ රහසිගත ලිපි ගොනුවෙහි ඇතුළත් පරීක්ෂණ වාර්තාවක් නොවන බව සලකන්න)

රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා නිර්මාණ තුළ ෂර්ලොක් හෝම්ස් තරම් පාඨකයින් විසින් ආදරයෙන් වැලඳ ගත් කල්පිත රහස් පරීක්ෂක චරිතයක් ලෝක සාහිත්‍යය තුළ නැති තරම් ය. සිංහල බසින් කියවන පාඨකයින් වෙත සර් ආතර් කොනන් ඩොයිල් (Sir Arthur Ignatius Conan Doyle) විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කතා ඉදිරිපත් කිරීමට සිංහල පරිවර්තකයින් දිගු කලක පටන් උත්සාහ කර ඇත. නිදර්ශන ලෙසින් ගතහොත් The Hound of the Baskervilles දිගු නවකතාවේ දැනට සොයා ගැනීමට නොහැකි ...

2022 අගෝස්තු 20

ඊජිප්තු සංස්කෘතියේ ආරම්භක සමය පිළිබඳව මෙම ලිපි මාලාවෙහි පළමු කොටසින් අපි සාකච්ඡා කෙළෙමු. පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය සහ ප්‍රථම පාරාවෝ රාජ වංශය ආරම්භය අතර පැවති රික්තය සපුරා ලීමට ඉතිහාසයේ නව සොයා ගැනීම් සමත් වී තිබේ. මෙම ලිපියෙන් ඊජිප්තු ඉතිහාසයෙහි පදනම වූ පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය ගැන අවධානය යොමු කරමු. එහි දී විශේෂයෙන් අවධානය යොමු වන්නේ ස්කෝපියන් රජු වෙත ය. ..

2022 මැයි 19

පුරාතන ඊජිප්තු සංස්කෘතිය, මානව ඉතිහාසයේ විශිෂ්ට ශිෂ්ටාචාරයක ඵලයක් වෙයි. විශ්වය ඥානනය කර ගැනීමේ අඛණ්ඩ උත්ත්සාහයක සලකුණු ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි වර්ධනය හා විකාශනය තුළ විද්‍යමාන වේ. සමස්තයක් ලෙස ගත් විට මනුෂ්‍යයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය ඊජිප්තු සභ්‍යත්වයෙහි වර්ධනය කෙරෙහි ඉවහල් වූ මූලික ම සාධකය බව කිව හැකියි. අද සිට පළ වන මෙම ලිපි මාලාව රාජ වංශ තිහක පමණ පාරාවෝ රාජ්‍ය පාලන යුග වෙත ප්‍රවේශයකි.