ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ - Senior Lecturer Chinthaka Ranasinghe

-

චින්තක රණසිංහ දිගුකාලීනව සිංහල සාහිත්‍ය කතිකාවට තම දායකත්වය සපයන්නෙකි. කවියකු, නවකතා හා කෙටිකතා රචකයෙකු මෙන්ම විචාරකයෙකු වන ඔහු ඒ විෂයයන් සම්බන්ධයෙන් ග්‍රන්ථ විස්සකට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කර ඇත. සාහිත්‍යය හා විචාරය සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපි සිය ගණනකි. පරිවර්තන ද ඒ අතර තිබේ.

වෘත්තියෙන් කැලණිය සරසවියේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු වන හෙතෙම ඇමරිකාවේ කෝනෙල් සරසවියේදී ශාස්ත්‍රීය පුහුණුවක් ලබා ඇත. නවදිල්ලිය, පැරීසිය හා වියනා වැනි නගර වලදී ඔහු තම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කොට ඇති අතර සාහිත්‍යය හා විචාර කලාව හදාරන ශිෂ්‍යයන් සමඟ වසර ගණනාවක් පුරා අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවල නිරත වෙයි.

ලිපි පෙළගැස්ම

2023 නොවැම්බර් 10

“එතන සිට නොසිට” නවකතාව පිළිබඳ සාමාන්‍ය තොරතුරු හා කෙටි නිරීක්ෂණ කිහිපයක්

පිටු 238කින් සමන්විත වූ “එතන සිට නොසිට” නවකතාව නුගේගොඩ සරසවි ප්‍රකාශකයින් විසින් පළ කොට තිබෙන අතර එතරම් දීර්ඝ නොවූ පරිච්ඡේද 34කින් සමන්විත වේ. එම පරිච්ඡේදවලට හුදෙක් 1, 2 ආදී වශයෙන් මිස වෙනත් සංඥා නාම උපයුක්ත කොටගත් නාමකරණයක් සිදුකොට නොමැත. කතාව ඇරඹෙන්නේ වැඩමුඵවක් සම්බන්ධ සිදුවීමකිනි. කතුවරයා වාච්‍යාර්ථයෙන් නොපැවසුවද මෙම වැඩමුළුව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ (1994) ආණ්ඩුවේ ආගමනයත් සමඟ ඇරඹුණු සාම ව්‍යාපාරයේම ...

2022 පෙබරවාරි 17​

ප්‍රවේශය

90 දශකයේ සිංහල නවකතාව ස්වඅනන්‍යතාවයෙන් හා ප්‍රතිභාපූර්ණ සාහිත්‍යමය විශිෂ්ටත්වයෙන් යුක්තව පෝෂණය කළ නවකතාකරුවෙකු වූ වීරපොකුණේ උපරතන හිමි (1947- 2021) පසුගිය දිනක අප අතරින් සමු ගත්තේය. හදිසි අනතුරකින් මිය යන විට උන්වහන්සේ හැත්තෑ හතර හි වියෙහි පසුවූ අතර දිගුකලක් සාහිත්‍ය කටයුතු ....

2022 ජනවාරි 14

ප්‍රවේශය

ලිපියේ අරමුණ නූතන සිංහල සාහිත්‍යය - විශේෂයෙන්ම නූතන සිංහල නවකතාව පිළිබඳ සාකච්ඡා කිරීමයි. එහිදී මගේ අවධානය යොමු වන්නේ එක්, එක් නවකතා වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීම සඳහා නොව සමස්ත සාහිත්‍ය කතිකාව සලකා බලමින් එම කතිකාව වර්තමානයේ පසු කරන මොහොත පිළිබඳ සාකච්ඡා කිරීමයි.

2021 සැප්තැම්බර් 13

මේ ලිපියෙන් මා අපේක්ෂා කරන්නේ නූතන සිංහල සාහිත්‍ය විචාරය පිළිබඳ කෙටි සාකච්ඡාවක නිරත වීමයි. මා සිතන ආකාරයට නූතන සිංහල සාහිත්‍ය විචාරය යනු කිහිපදෙනකු විසින් පාළු ගෙයක වළං බිඳීමක් වැනි නිරර්ථක අභියෝග විරහිත කාර්යයකි. මේ කාර්යයෙන් මූලික කාරණා දෙකක් ඉටුවෙමින් පවතී.

මේ වලං බිඳීම සිදු කරන කිහිප දෙනාගේ ප්‍රතිරූප විශාලනය වී ඔවුන් වීරයන් ...

2020 ඔක්තෝබර් 20​

සිංහල කෙටිකතාව හා කවිය වර්තමානයේ යහපත් තත්වයක් අත්පත් කරගෙන ඇතත් නවකථාවේ තත්වය පවතින්නේ ඉතාමත්ම නරක මට්ටමකය. දිගින් දිගටම බිහිවන සම්මාන උළෙලවල නවකථාවට මිලක් නියම වීමත් සමඟ විශාල වශයෙන් නවකථා බිහිවෙතත් උසස් මට්ටමේ නවකථා බිහිවන්නේ නැති තරම්ය. වරක් නීට්ෂේ තම ශරතුස්තා දේශනාවල සඳහන් කළේ මිලක් ඇති කිසිම දෙයකට වටිනාකමක් නොමැති බවයි. නීට්ෂේගේ එම කියමන වර්තමාන සිංහල නවකථාවට ...