සාගර විජේසේන - Sagara Wijesena

-

ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. අවසන් තරගය කෙටිකතා සංග්‍රහය, මාකේස්ගේ හුදෙකලාවේ සියවසරක් කෘතියේ පරිවර්තනය, අහීමානය නවකතාව සහ 2020 වසරේ ස්වර්ණ පුස්තක අවසන් පොත් 10 ට තේරුණු පන්හිඳ නවකතාව ඔහුගේ නිර්මාණ අතර වෙයි. අන්නපූර්ණ යනු ඔහුගේ අලුත් ම කෙටිකතා සංග්‍රහය වේ.

ලිපි පෙළගැස්ම

2022 මැයි 15

👨 ​මහාචාර්ය ඇන්ඩෘ රේමන්ට් | පරිවර්තනය - සාගර විජේසේන

ජපානයේ චිබා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෘ රේමන්ට් (Andrew Rayment) විසින් Academia.edu මාර්ගගත අඩවියේ The Realist, Modern and Post-Modern Novel: A Comparative Introduction ලෙසින් කරන ලද කෙටි දේශන මාලාවක සිංහල පරිවර්තනයකි. එහිදී යථාර්ථවාදී, නූතනවාදී හා පශ්චාත් නූතනවාදී නවකතා ප්‍රවර්ග තුනම නාභිගත වීම, පසුබිම, පාඨකයා, චරිත, තේමා, වටිනාකම්,

2021 සැප්තැම්බර් 13

(ෆ්‍රෙඩ්රින් ජෙම්සන් විසින් රචිත The Benjamin Files නම් කෘතිය සම්බන්ධයෙන් London Review of Books හි පළ වූ ලිපියක පරිවර්තනයකි.

වෝල්ටර් බෙන්ජමින් කෙදිනකවත් සම්ප්‍රදායික අර්ථයෙන් පොතක් ලියා නැති බව ෆ්‍රෙඩ්රික් ජෙම්සන් මේ අධ්‍යයනයේදී පෙන්වා දෙයි. පසුව The Origin of German Tragic Drama ලෙසින් ඉංග්‍රීසියට පරිවර්ථනය කෙරුණු ජර්මානු බැරොක් රංගය පිළිබඳ ඔහුගේ ලියවිල්ල පොතක් ලෙසින් පළ කෙරුණු නමුත් 1920 ...

2020 අගෝස්තු 25

එරික් ඉලයප්ආරච්චිගේ අලුත් නවකතාව ඔහුගේ කතා කියවා ඇති පාඨකයන් හුරු පුරුදු ලොවක් කරා ගෙන යයි. බගන්දරා නවකතාවේ හුන් චරිත , මහිමගොඩැල්ලේ සොල්දර ගෙදර පවුල, හැත්තෑ එකේ කැරැල්ලට පසු තුවාල අතරින් නැවතත් ජීවිතය ගොඩනගා ගන්නට වෑයම් කරති.කැරැල්ලේ ප්‍රාදේශීය නායකයෙක් වන කුලසිරි පුනරුත්ථාපන කඳවුරක ගෙවූ වසරක කාලයකට පසු දැඩි මානසික අවපාතයක් තුළ ආපසු දුම්රියෙන් නිවස බලා එන ජවනිකාවෙන්...