සම්මානිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල - Prof. Roland Abeypala

-

කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාරයවරයෙකි, ප්‍රසිද්ධ ග්‍රන්ථ කතුවරයෙකි, දේශකයෙකි. ඔහු නීතීඥවරයෙකු ද වෙයි.

ලිපි පෙළගැස්ම

2020 නොවැම්බර් 27

1870 දශකය වන විට ආතර් ෂෝපන්හවර් (Arthur Schopenhauer) ගේ දර්ශනය “යුරෝපය තුළ ඉහළ ස්ථානයක්” දිනාගෙන තිබුණේය. 19 වන සියවසෙහි මුල්භාගයහි දාර්ශනිකයන්,ලේඛකයන්,ගීත රචකයන් සහ කලාකරුවන් බොහෝ දෙනකු කෙරෙහි ඔහුගේ දර්ශනය බල පා තිබුණේය. නිට්ෂේ, ෆ්‍රොයිඞ්,හාඩි, ටෝල්ස්ටෝයි, මෑන් සහ ප්‍රවුස්ට් ඔවුනතරින් කිහිප දෙනකු පමණකි. ෂෝපන්හවර්ගේ දර්ශනයට අනුව, ලෝකය එකම කාසියක...

2020 සැප්තැම්බර් 7

සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව ළමයින්ට ඉතා කුඩා කාලයේ සිටම පොහොසත් ලිංගික පැවැත්මක් පවතී. එය වැඩිහිටියන් හඳුන්වන ස්වභාවික ලිංගික හැසිරීම්වලට බොහෝ සෙයින් වෙනස්ය. ස්ත්‍රී-පුරුෂ වශයෙන් ලිංගික අවයව වෙනස ළමයා මුලදී නොදනී. මෙම දැනුම ළමයා ලබන්නේ ලිංගරූපික නිරූපණ අවධියේදීය. තමන්ට ඉතාම සමීප ආදරය කරන දෙමාපියන් සහෝදර සහෝදරියන් තුළින් මේ අවබෝධය ලබයි. නිදසුන් වශයෙන් ළදරුවා අත...

2020 සැප්තැම්බර් 7

ඉමානුවෙල් කාන්ට් (Immanuel Kant) (1724-1804) 18 වෙනි සියවසෙහි විසූ ජර්මානු දාර්ශනිකයෙකි. පුනරුදයේ බොහෝ චින්තකයන් මෙන්ම ඔහුද තර්කනයේ මානසික හැකියාව ඉහළින්ම අගය කළේය. අප අත්දකිමින් සිටින ලෝකයට ව්‍යුහයක් කවන ලද්දේ අපගේ තර්කන ශක්තිය මගින් යැයි හේ තරයේ විශ්වාස කළේය. සුන්දරත්වය (Beauty) අත්විඳීමට ද, එය අත්දැකීමක් ලෙසින්, ග්‍රහණය කරගැනීමට ද හැකියාව ලැබෙන්නේ, අපගේ විනිශ්චය ...

2020 ජූලි 19

නූතන නිශ්පාදන ක්‍රමය, ඒ කියන්නේ ධනවාදය මානව අවශ්‍යතා සඳහා උපයෝගිතා භාන්ඩ හදන ක්‍රමයක් නෙවෙයි. එය නිශ්පාදනය කරන්නේ හුවමාරු භාන්ඩ (වෙලෙඳ භාන්ඩ). අතිරික්ත වටිනාකම් සඳහා ධනවාදී වෙලෙඳපොලෙහි සංයුක්ත ශ්‍රමය ප්‍රකාශ වෙන්නේ වියුක්ත ශ්‍රමයෙන්. සංයුක්ත ශ්‍රමය කියන්නේ නිශ්චිත ස්වරූපයකින් භාන්ඩයක උපයෝගිතා වටිනාකම නිර්මානය කරන ශ්‍රමයට. උදාහරනයක් ලෙස, ඇඳුම් මැසීම, පාවහන් සෑදීම, ගෘහභාන්ඩ තැනීම ආදිය...