ආරියතිලක පීරිස් - Ariyathilaka Peris

-

ආරියතිලක පීරිස් ප්‍රවීණ නිර්මාණකරුවකු මෙන් ම ප්‍රසිද්ධ විචාරකයෙකි. ඔහු කෙටිකතාවේ, නවකතාවේ, විචාරයේ මතු නො ව මාක්ස්වාදී දේශපාලන කතිකාවේ සුවිශේෂී සලකුනක් තැබූවෙකි. ආරියතිලක නවකතා පහක් ද කෙටිකතා සංග්‍රහ පහක් ද විචාර ග්‍රන්ථ ගණනාවක් ද ලියා පල කොට තිබේ. 2014 වසරේ ඔහු ලියූ රතු කොළ සහ නිල් යන කෙටිකතා සංග්‍රහයට ගොඩගේ ජාතික සම්මානය හිමි විය.

ලිපි පෙළගැස්ම

2021 මැයි 8

කුලතිලක කුමාරසිංහ මහාචාර්යතුමා විසින් රචිත 2013 සිංහල නවකතා විචාර ග්‍රන්ථය කරුණු කිහිපයක් අතින්ම වැදගත් කෘතියක් වෙයි. 2013 වර්ෂයේ රචිත ප්‍රවීණ සහ ආධුනික ලේඛක ලේඛිකාවන්ගේ නවකතා පිළිබඳව පාඨකයා දැනුවත් වීම සහ එම නවකතා පිළිබඳව ඉතා ගැඹුරු විශ්ලේෂණාත්මක විචාර කියවා එම කෘතීන් ගැන ගුණ දොස් දැනගැනීම මහඟු කාර්යයක් වෙයි.නවකතා 85ක පමණ විචාර මෙම ග්‍රන්ථය තුළ අඩංගු වී ඇත. ...

2021 අප්‍රේල් 24

👨 ​​​​​එස්. විජේසූරිය | ආරියතිලක පීරිස්

හංස සන්දේශය ලියැවුණු පහළොස්වන සියවස, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආර්ථික, පරිපාලන, සමාජ රටාවේ මෙන්ම සාහිත්‍ය සංස්කෘතික අංශ වලට මූලික වෙනස්කම් රැසක් ඇති කළ මෙරට ඉතිහාසයේ අපර වැඩවසම් යුගය ලෙස සැලකිය හැක. සමකාලීන සමාජ යථාර්ථය හංස සන්දේශය තුළින් කොතෙක් දුරට පිළිබිඹු වේ දැයි විමසා බැලීම මෙහි මූලික අරමුණයි. එතෙක් සිංහල පද්‍ය සාහිත්‍යයෙහි ප්‍රමුඛ තේමාව බවට පත්ව ...

2020 ජුනි 15

මහාචාර්ය විමල් දිසානායක සහ ශ්‍රීනාත් ගනේවත්ත විසින් කාව්‍ය රචනය අරභයා සම්පාදනය කරන ලද විරිත සහ අරුත යන මාහැඟි කෘතිය කියවා අවසානයේ මට සිතුනේ කාව්‍ය රචනය ආවාට ගියාට කළ යුතු දෙයක් නොව ඉතා ගැඹුරු විමර්ශනයකට හසු විය යුතු කලාංගයක් බව ය.මූලික වශයෙන් ම විරිත කවිය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතින කාව්‍යාංගයක් බව ය. එය ජන කවියට ද පැරණි සීගිරි කවියට ද කොළඹ යුගයේ කවියට ද නිදහස් පද්‍ය ආරට ද එකසේ වලංගු ය. ...