සංස්කාරක සටහන
​-

මෙම වෙබ් අඩවියේ තේමාව 'හෙට දිනය උදෙසා වූ සංස්කෘතික සංවාදයක්' යන්න යි. සාහිත්‍ය කලා ඇතුළු සමස්ත සංස්කෘතිය පිළිබඳව වර්තමානයේ දක්නට ලැබෙන සංවාදය ගුණාත්මක ව ඊට වඩා ඉහළ තලයකට එසවීම අපගේ අභිලාෂය වන්නේ ය. මෙම වෙබ් අඩවිය අප නිර්මාණය කළේ සංවාදශීලී සියල්ලන්ගේ ම වේදිකාවක් වශයෙනි. මෙහි පළ වන ලිපිවල අන්තර්ගතය පිළිබඳ සියලු වගකීම ඒ ඒ ලේඛකයාට පැවරේ. සංස්කාරකවරුන්ට ඒවායේ අන්තර්ගතය පිළිබඳ වගකීමක් නොමැත. ඕනෑම ලිපියක් සඳහා පිළිතුරු ලිපි සම්පාදනයට කවරෙකුට වුව ඉඩකඩ එක සේ විවෘත ය. අපගේ පරමාර්ථය ම එවැනි වාද විවාද ඔස්සේ බරපතළ සංවාදයකට සමාජයේ දොරටු පුළුල් ලෙස විවෘත කර ගැනීමය.

අප වෙත ලැබෙන අළුත් පොත් බලා ගැනීමට bookcrow වෙත පිවිසෙන්න.​​