ජස්ටින් පියරත්න - Justin Piyaratne

-

(1952) - මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයෙකි; නිර්මාණාත්මක ලේඛකයෙකි; පරිවර්තකයෙකි; දේශකයෙකි. නවකතා තුනක්, කෙටිකතා සංග‍්‍රහ දෙකක් සහ කාල් මාක්ස් සහ එංගල්ස් විසින් රචිත ජර්මන් දෘෂ්ටිවාදයෙහි සිංහල පරිවර්තනය ද සාහිත්‍ය - කලා සම්බන්ධ විචාර ලිපි සහ අධ්‍යාපනය පිළිබඳ දේශනයන් ද ඔහුගේ ප‍්‍රතිපදානයන් අතර වෙයි.

ලිපි පෙළගැස්ම

2014 ජනවාරි 11

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ, ඔහු සහ නාමල් ජයසිංහ දෙදෙනා එකතුව තිර රචනය සම්පාදනය කළ රහස් කියන කඳු චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයකි. මා එසේ කියන්නේ එය “මෑත භාගයේ තිරගත වූ හොඳ ම චිත්‍රපටය” ලෙසින් මහත් ඝෝෂාවක් පවතින තතු තුළ ය. එහෙයින් මගේ නිගමනයට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු වේ.

රහස් කියන කඳු චිත්‍රපටය අසාර්ථක වී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි ලා ඔහු සතු ශිල්පීය දක්ෂතාවේ මදියාවක් නිසා නො වේ; ඇත්තෙන් ම ඔහු සිනමා තාක්ෂණයෙහි ලා...

2023 නොවැම්බර් 8

ප්‍රේමාක්ෂර නවකතාව ස්ත්‍රී පුරුෂ ප්‍රේමය උත්කර්ෂයට නංවා එය ලෞකික විමුක්ති මාර්ගයක් බව ප්‍රකාශිත කිරීමේ අටියෙන් කළ නිර්මාණයකි. ඒ සඳහා නල නම් තරුණ පුවත් පත් කලාවේදියකු හා ඔහුගේ රසිකාවියක වන සකුන්තලා අතර ගොඩනැඟෙන ප්‍රේමය උපයෝගී කර ගැනේ. මුළු කතාව ම දිග හැරෙන්නේ ඉහත කී දෘෂ්ටිය සාධනය කරනු පිණිස යි. ඒ සඳහා නලගේ ප්‍රාණ සම මිතුරකු වන පුවත් පතේ විශේෂාංග කර්තෘ ද සම්බන්ධ කර ගැනේ. කථාව විකාසනය වන්නේ නල, සකුන්තලා සහ මිතුරාගේ ...

2023 අගෝස්තු 16

ප්‍රවීණ ලේඛකයකු වන එච්. ඒ. සෙනෙවිරත්න වසර 83 ක ආයු කාලයක් ගෙවා නොබෝදා අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය-කලා ගැන කෙරෙන සාකච්ඡාවන්හී දී බොහෝ විට අමතක කර දැමුණු චරිතයක් වෙයි. ඒ හේතුවෙන් ම තරුණ පරම්පරාවෙන් මේ විශිෂ්ට ලේඛකයා දුරස් කරනු ලැබ තිබේ. ඔහුගේ නම ඉඳහිට හෝ සඳහන් වෙතොත් එසේ වන්නේ ධර්මසේන පතිරාජගේ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටයට පාදක කොට ගෙන ඇත්තේ එච්. ඒ. සෙනෙවිරත්නගේ “එක්තරා ප්‍රේම කතාවක්” කෙටිකතා සංග්‍රහයෙහි ...

2022 මාර්තු 30

ඉවුරු නවකතාවෙහි කතුවරිය වන කැත්ලීන් ජයවර්ධනට වර්තමාන සමාජය පිළිබඳ තදබල විවේචනයක් ඇත. පන්සල්වල රණවිරු උත්සව පැවැත්වීම, දේශපාලකයන්ගේ අමන ක්‍රියා ගැන කෙරෙන සඳහන් කිරීම්, පාතාල ක්‍රියා, 71, 83, 89 වසර ආශ්‍රිත සියලු දෙනා දන්නා සිදු වීම් ආදි බොහෝ දෑ ඔබට මෙහි දී හමු වෙයි. දේශපාලකයින් ඇතුළු බලවත්තු මිනිසුන් රැවටීම සඳහා එකමුතුව, සංහිඳියාව ආදි හිස් වදන් පට්ට ගසති; ...

2022 ජනවාරි 31

“ආරාමදාස” කතාවට අවකාශීය පසුබිම වන්නේ පොළොන්නරු රාජධානි සමයේ ඉදි කළ තිවංක පිළිම ගෙය ආශ්‍රිත නටබුන් සහිත ප්‍රදේශය යි. කාලය වශයෙන් ගත් විට කතාව ආරම්භ වන්නේ එක්දහස් නවසිය පණස් ගණන්වල ය. එම බිමේ බැල්පාටිය සමඟ පුරාවිද්‍යා කැණීම් කටයුතුවල නිරත ව සිටින රන්හාමිගේ පුතණුවන් වූ හේමරත්න කතාවෙහි කේන්ද්‍රීය චරිතය වන්නේ ය. ඒ හැරුණු කොට කතාව තේමාත්මක වශයෙන් ...

2022 ජනවාරි 4

මෑතක සිට ශ්‍රී ලංකාව තුළ “නව වාම විචාර කලාවක්” බිහි කිරීමේ කතා බහක් පැන නැඟ තිබේ. එහි ප්‍රමුඛ ප්‍රකාශකයා බවට පත් ව ඇත්තේ දේශපාලන ක්‍රියාධරයකු හා සාහිත්‍යකලා විචාරකයකු වන විදර්ශන කන්නන්ගර ය. එය ඔහු නම් කරන්නේ “ප්‍රතිහෙජමොනික විවේචක කලා විචාරය” නමිනි. එකී විචාර මඟ හඳුන්වා දෙමින් ඔහු තමන්ගේ “අවතාරය” සඟරාවේ 2019 කලාපයට “පශ්චාත් මාක්ස්වාදී කලා විචාරයට ඇරඹුමක්! විවේචනාත්මක කලාව, ...

2021 ඔක්තෝබර් 17

අනුක් අරුද්ප්‍රගාසම් මේ වසරේ ලියූ A Passage North (උතුරට ගමනක්) නම් නවකතාව මෙවර බුකර් ත්‍යාගය සඳහා නිර්දේශිත නවකතා කීපය අතරට තේරී පත් ව ඇත. ඇමරිකාවේ කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබ ගත් මෙහි කතුවරයා කොළඹ නගරයේ උපත ලැබූවකු ...

2021 සැප්තැම්බර් 27

කීර්ති වැලිසරගේ ප්‍රකට කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි. 1994 දී ගස් කට්ටිය නම් කෙටිකතා සංග්‍රහය ලියමින් ආරම්භ කළ ඔහුගේ කෙටිකතා නිර්මාණාවලිය අඛණ්ඩ ව ගලා යෑම අපට දක්නට ලැබේ. “දිගු තත්පර” ඔහු ලියූ දස වෙනි කෙටිකතා සංග්‍රහය යි. කීර්තිගේ නිර්මාණ අතරෙහි උසස් කෙටිකතා ගණනාවක් වෙයි. ඒවා පාඨක විචාරක පැසසුමට නොමඳ ව ලක් වී තිබේ. ඔහු ලංකාවේ සිටින කෙටිකතාකරුවන් අතර ඉදිරි පෙළෙහි සිටින බව ...

2021 මැයි 14

අනුරාධා නිල්මිණි ලේඛිකාවගේ “පංචස්තම්භ” නම් නවකතාවේ ප්‍රධාන චරිතය විරාග නම් කවියෙකි. කතාව දිග හැරෙන්නේ කවියා අනතුරකින් මිය යාමෙන් පසු ගන්ධබ්බයකු ලෙස ඔහු ලබන අත්දැකීම් මාලාවක් ඇසුරෙනි. සිය මිනී පෙට්ටියේ වැතිර සිටින විටත් ඉන් පිට ව අවට සැරි සරණ විටත් සිය පූර්ව ජීවිතයට සම්බන්ධිත පුද්ගලයන්ගේ යථාර්ථය දැක ගන්නට ඔහුට අවස්ථාව ලැබේ. ඒ සඳහා පළමු පරිච්ඡේදය වෙන් වෙයි. ...

2021 මාර්තු 19​

කාලයකට පසු අපට හොඳ නවකතාවක රස විඳින්නට අවස්ථාව සැලසී තිබේ. එය ඉදිරිපත් කෙරෙන්නේ ලංකාවේ පැවති භීෂණකාරී වාතාවරණය සමයේ මධ්‍යම පාන්තික පුවත්පත් කලාවේදියකුගේ ආත්ම කථනයක් ලෙසිනි. මනුෂ්‍ය හෘදයක භීතිය පැතිර යාමත් එයට ගොදුරු වූ පුද්ගලයාගේ සුවිශේෂ හැසිරීම්, සිතුම් පැතුම් හා හැඟීම් ආදියත් ඉතා සියුම් ආකාරයට එළිමහනට ගැනීමට කතුවරයා සමත් වී තිබේ. ඒ සඳහා කතුවරයා පුවත්පත් කලාවේදියා මුහුණ දෙන සිදු වීම් මෙන් ම ...

2021 මාර්තු 5

“බාණ කුසුම්” කත්‍යානා අමරසිංහ ලේඛිකාවගේ අලුත් ම නවකතාව යි. හරිස්චන්ද්‍ර ශබ්දකෝෂය අනුව ග්‍රන්ථ නාමයේ අරුත “අනංගයාගේ මල් හී” යන්න යි. මේ ඇගේ සිව් වෙනි නවකතාව වේ. මීට පෙර ඇය නිලි වැස්ස (2014), වණ්ණදාසි (2016) හා ධරණී (2018) යන නවකතා රසිකයා අතට පත් කොට ඇත. එම කෘති සියල්ල ම ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශ වී තිබුණි. දැනට මත් “බාණ කුසුම්” සමාජ මාධ්‍ය කතිකාවන් තුළ ලිංගිකත්වය පිළිබඳ නිර්භීත, ...

2021 පෙබරවාරි 13

“අන්නපූර්ණ” යනු සාගර විජේසේනගේ අලුත් ම කෙටිකතා සංග්‍රහය යි. එහි “පියා සහ පුතා”, “වරණාසි”, “සිත්තම”, “අන්නපූර්ණ” සහ “මතක වේදනාව” නම් වූ කතා පහක් අන්තර්ගත ය. මේ සෑම කෙටිකතාවක ම ගැඹුරු තේමාවක් මතු කිරීමේ ප්‍රයත්නයක් අපට දක්නට ලැබේ. තේමාත්මක වශයෙන් ගත් කල්හි මේ තේමා අඩු වැඩි වශයෙන් අර්ථවත් බව හැඟේ. සමාජය කෙරෙහි කතුවරයා දක්වා ඇති බරපතළ ආකල්පය අපේ සිත් ගනී. එවැනි වැකියක් අවධාරණාත්මක ව ...

2021 ජනවාරි 8

“අප්පච්චි අවිත්” නවකතාව පිළිබඳ විචාරයට ප්‍රවිෂ්ට විය හැකි හොඳ ම ක්‍රමය කුමක් දැයි මම බොහෝ වේලා කල්පනා කළෙමි. එසේ කල්පනා කරන විට මට පෙනී ගියේ කලකට පෙර මේ කෘතියේ කතුවර සමන් වික්‍රමාරච්චි මහතා විචාරකයකු ලෙස කළ ලිවීමක් මත පාදක වෙමින් මගේ විචාරය ලිවීම ඒ හොඳ ම ක්‍රමය බව ය. එම විචාරය ඔහු ලියා තිබුණේ එන්. ඒ. ද එස්. අමරතුංග ලියූ “පාවෙන පරඬැල්” කෘතිය අරබයා ය. එම විචාරයෙන් උදුරා ගත් කොටස පළමු ව කියවමු: ...

2020 දෙසැම්බර් 14

ප්‍රවීණ ලේඛක අජිත් තිලකසේන දැන් 87 වන වියේ පසුවෙයි. ඔහු අතින් කාව්‍ය සංග්‍රහ, කෙටිකතා සංග්‍රහ, නාට්‍ය පිටපතක් සහ ‘පාර දිගේ’ චිත්‍රපට තිර රචනය නිමැවුණ ද ඔහු වඩාත් ම ප්‍රකට ව ඇත්තේ කෙටිකතාකරුවකු ලෙසිනි. මේ ලිපියේ අරමුණ අජිත් තිලකසේනගේ කෙටිකතා පිළිබඳ කෙටි විමර්ශනයක් කරමින් ඒ ඔස්සේ කෙටිකතා කලාව පිළිබඳ අද්‍යතන සාකච්ඡාව පොහොසත් කිරීම ය. ඒ අර්ථයෙන් බැලූ විට මේ ලිපිය මේ වෙබ් අඩවියේ ම පළ වූ ...

2020 ඔක්තෝබර් 9

අනුරසිරි හෙට්ටිගේ සිය සිව් වන කෙටිකතා සංග්‍රහය “මැරීන් ඩ්‍රයිව්” නමින් ප්‍රකාශයට පත් කොට තිබේ. ඔහු මීට පෙර පළ කළ කෙටිකතා සංග්‍රහ පිළිවෙළින් සිංහබාහු එනකං (2011), චේ..! කෝ..? (2013) හා දිමියා (2015) වේ. ඔහු අඛණ්ඩ ව කෙටිකතා කලාව පිළිබඳ ව අධ්‍යයනය කරන්නට වෙහෙසෙන්නකු බව අපට පෙනේ. ඒ සෑම කෙටිකතා සංග්‍රහයක ම කෙටිකතාවලට පූර්වයෙන් කෙටිකතාව පිළිබඳ ඔහුගේ අදහස් හා ප්‍රවාද පාඨකයා හමුවේ තැබීම ඊට ...

2020 සැප්තැම්බර් 15

එරික් ඉලයප්ආරච්චි විසින් රචිත “පේත” නවකතාව ලාංකීය නවකතාවේ අනාගතය සම්බන්ධයෙන් සුබ ලකුණකි. දශක ගණනාවක් තිස්සේ අපට පොදුවේ දක්නට ලැබුණේ මහ පොළොවේ යථාර්ථයෙන් පලා ගිය, ඉන්ද්‍රජාලික කරණම්වලින් පාඨකයාගේ ඇස් ගිනිකණ වට්ටන, බොල්, නිසරු නවකතා රැල්ලකි. ඒ ඇතැම් නවකතාවකින් පාඨක සිත් වසඟ වුව ද එය මුහුණු ...

2020 අගෝස්තු 3

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත කෙටිකතා කලාව: න්‍යායික සහ තුලනාත්මක අධ්‍යයනයක් නම් විචාර කෘතිය සමස්තයක් ලෙස ගත් කල්හි සිංහල කෙටිකතාවේ අනාගතය බරපතළ අනතුරකට හෙළන කෘතියක් බව අපේ අදහස ය. එහෙත් මෙය කිසි සේත් ම ව්‍යතිරේඛයක් නො වේ; ඔහුගේ දිගුකාලීන විචාර ව්‍යාපෘතියේ ම දිගුවකි. මෙය බරපතළ විවේචනයකි. එහෙයින් මෙම ලිපියේ අරමුණ මාක්ස්වාදී දෘෂ්ටි ආස්ථානයෙන් කෙරෙන එම විවේචනය ...

2020 ජූලි 4

මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය කළ ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ප්‍රතිගාමී ප්‍රවාදය ගැන මම පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමි. සාකච්ඡා මණ්ඩපයේ සිටි තිදෙනා ම 1917-1991 දක්වා කාලය තුළ සෝවියට් සංගමය තුළ සිදු වූ බරපතළ දේශපාලනික පරිවර්තනයන් ...

2020 ජූනි 19

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් හෙළිදරව් කළෙමි. මෙම දෙවන කොටස ලියන්නේ සාකච්ඡා මණ්ඩපයේ විද්වතුන් තිදෙනා විසින් සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය ගැන ප්‍රේක්ෂක ජන සමූහයා තුළ ඇති කළ ව්‍යාකුලත්වය තුරන් කිරීමේ අටියෙනි.

2020 ජූලි 4

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යි. එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ සාහිත්‍යවේදී චූලා සමරනායක යන තිදෙනා වෙති. (මෙම සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ්හි Charana Tv Livisari Premaya සෝදිසි කිරීමෙන් බැලිය හැකි ය.) අප මෙම ලිපියෙහි පළමු කොටසින්...​